| 1.1 | කාලසටහනේ වෙනසක් ,ගුවන් ප්‍රවේශ පත්‍රය මිලදී ගැනීමේ නිර්දේශිත කාලය අවසන් වීම ,ගුවන් ගමන අවලංගු වීම සහ වෙනත් ඕනෑම අවස්ථාවකදී ආසන වෙන්කිරීමකට වෙනසක් සිදුවු විට ශ්‍රීලංකන් එයාර්ලයින්ස් විසින් එම ආසනය වෙන්කර ඇති නියෝජිතයාගේ GDS පෙළගැස්මට (queue) නිවේදනයක් යවනු ලබයි.මෙම නිවේදනය මගින් ඇතිකරන ලද වෙනස සන්නිවේදනය කරන අතර, ආසන වෙන්කිරීම කළ නියෝජිතයාට මගියාගේ ආසන වෙන්කිරිම් වාර්තාවේ ((PNR) සිදුකළ එම වෙනස පිළිගනිමින් එහි ඇති අක්‍රීය තත්වයට පත් ආසන වෙන්කිරීම් ඉවත් කිරීමට නිර්දේශ කරනු ඇත. |
1.2 |
අක්‍රීය ආසන වෙන්කිරීම් කොටස් නිසා ගුවන් ගමන් විස්තර සටහනේ චාරිකා කොටස්වල තත්ව කේතයන්ට (segment status) ඇතිවන වෙනස්කම් ගුවන් ගමන පිටත්වීමට පැය 24 ට පෙර ඉවත්කිරීමට ක්‍රියාකළ යුතුය.මෙයට UN, NO, HX, WK, WL, or WN වැනි කේතයන් ඇති ප්‍රවේශ පත්‍රයක් නිකුත් කිරීමක් කළ හෝ නොකළ චාරිකාවන් ඇතුළත්ය.එමෙන්ම කරුණාකර ඔබගේ ආසන වෙන්කිරීම වාර්තාවල සඳහන් UC, US සහ DS වැනි තත්ව කේතයන් ඇති සියලුම අනවශ්‍ය චාරිකාවන් අවලංගු කිරීම හෝ ඒ සඳහා අවැසි සුදුසු ක්‍රියාමාර්ගයන් ගන්නා ලෙස ඉල්ලා සිටිමු. |
| 2.1 | සංචරණ සේවා සපයන්නන් ආසන ලබාගැනීම සඳහා පොරොත්තු ලේඛණ ගත කිරීම් වැඩි වාර ගණනක් සිදු නොකළ යුතු වන්නේ එමගින් ආසන වෙන්කරගැනීම සඳහා ඇතිවන අවස්ථාවන් වැඩි නොවන බැවිනි.එහි ප්‍රතිඵලයක් ලෙසින් පොරොත්තු ලේඛණයට වැඩි වැඩියෙන් ලේඛණයන් එක්වන අතර ශ්‍රීලංකන් එයාර්ලයින්ස් සඳහා GDS ගාස්තුද වැඩිවනු ඇත. |
2.2 |
සංචරණ සේවා සපයන්නන් විසින් ගුවන් ගමන පිටත්වීමට පැය 24 ට පෙර ගුවන් මගියාගේ සක්‍රීය ආසන වෙන්කිරීම් වාර්තාවෙන් එහි ඇති සියලුම පොරොත්තු ලේඛණයන් ඉවත් කිරීම සහතික කළ යුතුය. |
| 3.1 | ආසන වෙන්කිරීම් මෙන්ම ඒවා අවලංගු කිරීම් වැඩිතර ප්‍රමාණයක් සහ වැඩි වාර ගණනක් නිරතුරුව සිදු කරන්නේ | ||||
|
|
||||
ඉහත 3.1. අ සහ 3.1. ආ හි සඳහන් පරිචයන් සපුරා තහනම් කර ඇති අතර එවන් ක්‍රියාවන් හඳුනාගත්විටදී එක් චාරිකා කොටසකට අය කරන පදනම මත ඉන්වොයිස් කරනු ලබන අතර ඉහළ ඉන්වොයිස් වටිනාකම් දැරීමේ සම්භාව්‍යතාවය වැඩිවනු ඇත.
| 4.1 | සක්‍රීය සහ අක්‍රීය ආසන වෙන්කිරීම් කිහිපයක් සිදුකිරීම තහනම්ය. ගුවන් මගියෙක්ට තර්කානුකූලව බැලූවිට පියාසර කළ නොහැකි ආසනයන් කිහිපයක් එකවිට ඒකාබද්ධ කිරිමද මෙයට ඇතුළත්ය. |
4.2 |
එකම ගුවන් මගියෙක් සඳහා එවන් ආසන වෙන්කිරීම් සිදු නොකළ යුතු අතර නව ආසන වෙන්කිරීමක් සිදුකරන විට සීමාව අමතර චාරිකා කොටස්/ආසන වෙන්කිරීම් ඉවත් කිරීමට කටයුතු සලසන්න. |
| 5.1 | ශ්‍රීලංකන් එයාර්ලයින්ස්හි ආසනයන් වෙන්කරගැනීම සඳහා ගුවන් මගියෙක් පැමිණෙන තුරු හෝ ගුවන් ප්‍රවේශ පත්‍රයක් නිකුත්කිරීමේ අවස්ථාව එනතුරු එම ආසනය රඳවා තබාගැනීම මගින් ගුවන් සේවයේ ආසනවල ගාස්තු ඉහළ යෑමට තුඩුදෙන අතර ශ්‍රීලංකන් එයාර්ලයින්ස් නිෂ්පාදිතය ලබාගැනීමට ඇති පහසුකම අඩුවෙනු ඇත.ගුවන් මගියෙක් පැමිණ ඉල්ලීමක් කරන තුරු හෝ ගුවන් ප්‍රවේශ පතක් මිලදී ගැනීමේ අභිප්‍රායක් ඇතිවිටදී පමණක් GDS භාවිතා කිරීම සඳහා ඔබේ සහයෝගය අපේක්ෂා කෙරෙයි. |
5.2 |
ගමන් විස්තරයට අදාළව සක්‍රීය හෝ අක්‍රීය ආසන වෙන්කිරීම් හෝ ඒවායේ සංකලනයන් මගින් GDS ඵලදායිතා ගිවිසුම්වල සඳහන් අවශ්‍යතාවයන් සපුරා ලීමට කටයුතු කිරීම කර්මාන්තයේ සම්මත ක්‍රියාපටිපාටින් උල්ලංඝණය කිරීමකි.GDS දිරිගැන්වීම් දීමනා ලබාගැනීමේ අවශ්‍යතාවයන් සපුරාලීමක් ලෙස එක් GDS පද්ධතියක ආසන වෙන්කිරීමක ඇති ගුවන් ප්‍රවේශපත් අංකයක් වෙනත් GDS පද්ධතියක ඇති ආසන වෙන්කිරීමකට ඇතුලත් කිරීමද වෙයි. |
5.3 |
ආසන වෙන්කිරීමක් සඳහා ව්‍යාජ ගුවන් ප්‍රවේශ පත් අංකයක් ඇතුළත් කිරීම මගින් ශ්‍රීලංකන් එයාර්ලයින්ස් නිෂ්පාදිතයේ වෙන්කිරීමට ඉතිරිව ඇති ආසන ගණන අඩු කෙරෙනු ඇත.ව්‍යාජ ලෙසින් හෝ ගුවන් මගියා ප්‍රවේශ පත්‍රයක් මිලදී ගනු ඇතැයි අනුමාන කරමින් එලෙස වෙන්කර ඇති ආසන ඉවත්කරගැනීමෙන් ඔබගේ පාරිභෝගිකයාට තමන්ගේ ප්‍රියතම මැදිරියක සේවා ලබාගැනීම සඳහා ආසන නිදහස් වන අතර එමගින් ශ්‍රීලංකන් එයාර්ලයින්ස් විසින් දැරිය යුතු GDS පිරිවැයද අඩුවනු ඇත.ව්‍යාජ නම්වලින් ආසන වෙන්කිරීම් මෙන්ම ව්‍යාජ ගුවන් ප්‍රවේශ පත් සහිත අංකයන් ඇතුළත් කිරීමෙන් වළකින්න.ව්‍යාජ නම් මෙන්ම ගුවන් ප්‍රවේශ පත් අංකයන්ද යොදා වෙන්කර ඇති ආසනයන් සුවරුම් (screen) කෙරෙනු ඇත.එවන් ආසන වෙන්කිරීමක් හඳුනාගැනීමෙන් පසු ස්වයංක්‍රීය අවලංගු කිරීමකට සහ ප්‍රතිපත්ති උල්ලංඝණය කිරීම නිසා ඇතිවන ප්‍රතිවිපාකයන් යටතේ ලැයිස්තු ගත ගාස්තු ක්‍රමවේදයට අනුව ගාස්තුවකටද යටත් වනු ඇත. |
| 6.1 | සමූහයක සිටින එක් එක් පුද්ගලයෙක් සඳහා වෙනම ආසන වෙන්කිරීම, පිළිගත් සමූහ ආසන වෙන්කිරීම් පටිපාටියට පටහැනිව සිදුකරන්නක් වන බැවින් එවැනි ආසන වෙන්කිරීම් පෙර දැනුම්දීමකින් තොරව වහාම අවලංගු කිරීමකට යටත් කෙරෙනු ඇත. |
| 7.1 | ගුවන් ප්‍රවේශ පත් නිකුත් කිරීම සඳහා පිළිගත හැකි අකර්මණ්‍ය ආසන වෙන්කිරීමක් යොදාගත හැකිය.එය ශ්‍රීලංකන් එයාර්ලයින්ස් අභ්‍යන්තර ආසන වෙන්කිරීම් පද්ධතියේ ඇති ආසන වෙන්කිරීමට සීහුම්(ගැලපෙන) විය යුතුය.සීහුම් නොවන (නොගැලෙපෙන) අකර්මණ්‍ය ආසන වෙන්කිරීමක් භාවිතා කරමින් ගුවන් ප්‍රවේශ පත් නිකුත් කිරීම හෝ ව්‍යාජ තොරතුරු ලබාදීම සඳහා "IS" කේත සහිත ගනුදෙනු කිරීම සපුරා තහනම් කර ඇත. | ||||||
7.2 |
කර්මාන්තයේ පිළිගත් ප්‍රමිතීන්ට අනුව ‘ගුවන් ප්‍රවේශ පත් නිකුත් කිරීමේ’අරමුණ සඳහා අකර්මණ්‍ය ආසන වෙන්කිරීමක් කළ හැක්කේ ගුවන් සේවයේ අභ්‍යන්තර ආසන වෙන්කිරීම් පද්ධතියේ වෙන්කිරීමක් සිදුකිරීමෙන් පසුව වන අතර
|
||||||
7.3 |
ගිණුම් හෝ පරිපාලන කටයුතු හෝ චාරිකාවන් සඳහා ඉන්වොයිසියන් ඉදිරිපත්කිරීමේදී GDS ග්‍රාහකයන් විසින් ඒ සඳහා උපකාරක චාරිකා කොටස් හෝ අය කළ නොහැකි චාරිකා කොටස් තත්ව කේතයන් (status codes ) භාවිතා කළ යුතුය.මෙම අරමුණ සඳහා GDS/CRS භාවිතයට ගැනීම සඳහා ශ්‍රීලංකන් එයාර්ලයින්ස් කිසිදු ආකාරයකින් සහය ලබා නොදෙන අතර එහි ප්‍රතිඵලයක් ලෙසින් චාරිකා කොටස්වලට ගෙවීමක් කිරීමට ගුවන් සේවයට සිදුවෙයි නම් එය ග්‍රාහකයාගෙන් අයකරගැනීමට ඉන්වොයිස් කිරීමේ අයිතියද වැඩිදුරටත් ගුවන් සේවය සතුවනු ඇත. | ||||||
| 8.1 | සංචරණ නියෝජිතයන් කිසිවිටකත් ඈඳුණු චාරිකා කොටස් කැඩීමක් සිදු නොකළ යුතුය. ආසන ලබාගත නොහැකි පන්තිවල ආසන ලබාගැනීමේ හුදු අභිප්‍රාය උදෙසාම ඈඳුණු චාරිකා කොටස් කැඩීමක් කරන සංචරණ නියෝජිතයන්ට හැර පතක් (ADM) මගින් ගාස්තුවක් ගෙවීමට නියම කෙරෙනු ඇත.එලෙස උල්ලංඝණය කරමින් ආසන ලබාගැනීමට ප්‍රවේශයක් ගෙන ඇත්නම් ශ්‍රීලංකන් එයාර්ලයින්ස් විසින් හැර පතක් නිකුත් කරන අතර එම සංචරණ නියෝජිතයාට ප්‍රතිපත්ති උල්ලංඝණය කිරීම නිසා ඇතිවන ප්‍රතිවිපාකයන් යටතේ පෙන්වා ඇති පරිදි දඩයක්ද නියම කෙරෙනු ඇත.කිසියම් ගමානාරම්භක සහ ගමනාන්තයක් අතර ආසන වෙන්කිරීමකදී එම වෙන්කිරීම් වෙන් වෙන් චාරිකා කොටස් ලෙස ලබාගැනීමද ඈඳුණු චාරිකා කොටස් අවභාවිතයක් ලෙස සලකනු ලබයි. |
| 1.1 | පුද්ගලයන් පුහුණු කිරීමකදී හෝ පරීක්ෂාවන් කරන අවස්ථාවන්හිදී සෑමවිමට පුහුණුවන මාදිලිය හෝ GDS මගින් සපයන අය කළ නොහැකි තත්ව කේතයන් (status codes ) සහිත චාරිකා කොටස් භාවිතා කළ යුතුය.පුහුණුවීමේ අරමුණ සඳහා විකිණුමට ඇති සක්‍රීය චාරිකා තත්ව කේතයන් (status codes ) භාවිතය තහනම්ය. |
1.2 |
ගුවන් ගමන් චාරිකාවක් සඳහා මිල නියම කිරීමට පුහුණු මාදිලිය තුළ සිදුකළ ආසන වෙන්කිරීමක් භාවිතා කළ නොහැකිය.සියලුම් මිල නියම කිරීම් අවශ්‍යතාවයන් සඳහා මිල නියම කිරීමේ ගනුදෙනු ලබාගැනීමට හැකි අතර මෙම ගනුදෙනු භාවිතයට යොදගැනීම සඳහා අවැසි පුහුණුව කාර්ය මණ්ඩලයට ලබාදීමේ වගකීමද නියෝජිත ආයතනය සතුවනු ඇත. |
5.1. Point of Commencement (POC) and Out of Sequence
All bookings — including those involving connecting flights on other airlines — must be created in the correct sequence, reflecting the passenger’s actual intended journey. Any booking made out of sequence, or containing dummy segments (intentionally or unintentionally), that results in access to booking classes not otherwise available, will be treated as a Point of Commencement (POC) violation.
Booking Sequence Must Follow the Actual Journey
All flight segments — including those on partner or connecting airlines — must be booked in the correct order (i.e., the order in which the passenger will actually fly).
No Out-of-Sequence or Dummy Segments
Flight segments cannot be inserted out of chronological order.
Adding dummy segments—flights that are not intended to be used—solely to access better availability or lower fares is not permitted.
Invalid Sequence (POC Violation):
Example 1:
Example 2:
5.2. Married Segment Violations
O&D represents a continuous journey from the point of origin to the final destination — essentially, where the passenger begins and ends their travel. Bookings and sell requests must always be made using the availability display for the intended Origin & Destination (O&D). A complete O&D availability is required, regardless of whether the reservation includes only the airline’s flights or a combination of interline or codeshare flights, in the correct chronological order for each O&D.
Once booked, married flights cannot always be changed independently of each other. Booking a connecting O&D using separate local O&Ds (per segment availability) is considered an attempt to bypass inventory rules.
ප්‍රතිපත්තිය |
ගාස්තු (ඇ.එ.ජ ඩොලර්වලින්) |
|---|---|
වලංගු නොවන පන්තියක සේවාව එදිරිව ගාස්තු රීති |
අදාළ ගාස්තු වෙනස |
අවලංගු නොකළ අක්‍රීය චාරිකා කොටස් |
චාරිකා කොටසක් සඳහා ඇ.එ.ජ.ඩොලර් 5 |
ආසන වෙන්කිරීම් ව්‍යාකූල කිරීමේ ඒකායන සහ පැහැදිලි අරමුණින් කටයුතු කිරීම |
චාරිකා කොටසක් සඳහා ඇ.එ.ජ.ඩොලර් 5 |
ආසන වෙන්කිරීම් කිහිපයක්,, එක් ආසන වෙන්කිරීමක චාරිකා කොටස් /විකල්ප චාරිකා කොටස් එක් කිරීම |
චාරිකා කොටසක් සඳහා ඇ.එ.ජ.ඩොලර් 5 |
කල්පිත/අනුමාන ආසන වෙන්කිරීම් සහ ප්‍රවේශ පත්‍ර අංකයන් එක්කිරීම |
චාරිකා කොටසක් සඳහා ඇ.එ.ජ.ඩොලර් 5 |
වලංගු නොවන ගුවන් ප්‍රවේශපත් අංකය |
ආසන වෙන්කිරීමක් සඳහා ඇ.එ.ජ.ඩොලර් 30 |
පුහුණුවන සහ පරීක්ෂා සඳහා ආසන වෙන්කිරීම් |
චාරිකා කොටසක් සඳහා ඇ.එ.ජ.ඩොලර් 5 |
ගුවන් ප්‍රවේශ නිකුත් කළ සැණින් බල රහිත කිරීම: බල රහිත කරන අවස්ථාවේදී ගුවන් ගමනේ චාරිකා කොටස් අවලංගු නොකිරීම |
චාරිකා කොටසක් සඳහා ඇ.එ.ජ.ඩොලර් 5 |
Channel Management Team
SriLankan Airlines Limited Email: dsystems@srilankan.com
Revised Policy: Effective 01 October 2025
Last updated date – 07th October 2025