අපගේ ඇමතුම් මධ්‍යස්ථාන අංකය වන 1979 හෝ +94 777 771979 හෝ අපගේ ගුවන් ප්‍ර වේශ පත් කාර්යාලයන් අමතන්න.පෙර වෙන්කර ගත හැකි ආසන ඇත්තේ සීමිත සංඛ්‍යාවක් බැවින් ඒවා පිරිනමන්නේ පළමුව පැමිණෙන අයට පළමුව සේවාව යන පදනම මත සහ පිටව යන දොරටු අසල පේළියේ පවත්වා ගෙන යායුතු නිරුපද්‍රිතතා අවශ්‍යතාවයන්ට යටත්වය.ගුවන් තොටුපළේදී පිරික්සුම් කටයුතු සිදුකරන අවස්ථාවේදී වෙනත් ගුවන් මගීන් විසින් මෙම ආසන වෙන්කර නොමැති නම් ඔබට ඒ අවස්ථාවේදී වැඩි ඉඩක් ඇති ආසනයක් මුදල් ගෙවා වෙන් කරගත හැකිය
පහත දැක්වෙන ගාස්තු සංචරණයේ එක් චාරිකා කොටසක් සඳහා අදාළ වනු ඇත.
කොළඔ/යුරෝපය හෝ නැවත පැමිණීම - ඇමරිකානු ඩොලර් 50
කොළඔ/ජපානය සහ චීනය හෝ නැවත පැමිණීම - ඇමරිකානු ඩොලර් 50
කොළඔ/මැද පෙරදිග හෝ නැවත පැමිණීම - ඇමරිකානු ඩොලර් 30
කොළඔ/අග්නිදිග ආසියාව හෝ නැවත පැමිණීම - ඇමරිකානු ඩොලර් 30
කොළඔ/ඉන්දියාව සහ මාලදිවයින හෝ නැවත පැමිණීම - ඇමරිකානු ඩොලර් 20
*නැවත පැමිණීම - මෙයින් අදහස් වන්නේ ප්‍රතිවිරුද්ධ දිශාවට පැමිණීමයි
පිටව යන දොරටු අසල ආසන පේළියේ ඇති අමතර ඉඩ ඇති ආසනවල වාඩිවී යාම සඳහා ගුවන් මගීන්ට පහත සඳහන් අවශ්‍යතාවයන් තිබිය යුතුය.
ශ්‍රීලංකන් එයාර්ලයින්ස් විසින් මෙහෙයුම් සිදුකරන ගුවන් ගමන් සඳහා නිකුත් කරන ලද ගුවන් ප්‍රවේශ පත් සඳහා පමණක් මෙය වලංගු වන අතර ශ්‍රීලංකන් විසින් අලෙවි කටයුතු පමණක් සිදුකරන හවුල් අලෙවිකරණ ගුවන් ගමන් සඳහා මෙය වලංගු නොවෙනු ඇත.
ගුවන් සේවයේ නිරුපද්‍රතිතා ප්‍රතිපත්තියට අනුව ගුවන් තොටුපළේ දී ගුවන් මගියෙක් ගුවන් යානයට පිළිගැනීම හෝ නොපිළිගැනීම සිදුවන්නේ ගුවන් සේවයේ අභිමතයට අනුවය.නිරුපද්‍රිතතා හෝ මෙහෙයුම් අවශ්‍යතාවයන් නිසා ගුවන් තොටුපළේදී මගීන් නොපිළිගන්නා අවස්ථාවකදී අමතර ඉඩ ඇති ආසනයක් සඳහා ලබාගත් ගාස්තුව ආපසු ගෙවනු ඇත.නිද :රෝද පුටු, භාරකරුවෙකු නොමැතිව ගමන් කරන බාලවයස්කාර ගුවන් මගීන්,ළමා,වයස්ගත,රෝගී තත්වයේ පසුවන ගුවන් මගීන් මෙම පහසුකම සඳහා සුදුසුකම් නොලබයි.
අමතර ඉඩ ඇති ආසනයක වටිනාකම නියම කරන්නේ සංචරණයේ එක් චාරිකා කොටසක් සඳහා වන අතර මිලදීගත් පසුව එම මුදල ආපසු ලබාගැනීමට නොහැකි අතර එය අන් අයකුට පැවරිය නොහැකිය.
මෙහෙයුම් ගුවන් යානා වර්ගය වෙනස් වීම වැනි නිරුපද්‍රිතතා සහ මෙහෙයුම් හේතූන් මත ගුවන් සේවයට අමතර ඉඩ ඇති ආසනයක් ලබාදීමට නොහැකි වූ විට අයකරගත් මුදල ආපසු ලබාදෙනු ඇත.
අදාළ ගුවන් යානා වර්ගයේ 50 ආසන පේළියේ ඇති 50 A, C, H, K අංකයන් ඇති ආසනයන් පමණක් පෙර වෙන්කිරීම් සඳහා යොදා ගනු ලබයි.
ගුවන් ගමන පිටත්වීමට පැය 03 ට පෙර ඕනෑම අවස්ථාවක අපගේ ඇමතුම් මධ්‍යස්ථානය හෝ ගුවන් ප්‍රවේශ පත්‍ර කාර්යාලයන් අමතා අමතර ඉඩ ඇති ආසනයන් වෙන්කරගත හැකිය.ඔබ එලෙස පෙර වෙන්කිරීමක් කිරීමට අපොහොසත් වුවහොත් හෝ ආසන ලබාගැනීමට නොහැකි වුවහොත් කරුණාකර පිරික්සුම් කවුළුවේදී එම ආසනය ලබාගත හැකිදැයි විමසන්න.
අමතර ඉඩ ඇති ආසන සඳහා ගෙවීමක් (EMD) කර ඇති විට මෙම ගෙවීම ආපසු ලබාගත හෝ හුවමාරු කරගත නොහැකිය.
අමතර ඉඩ ඇති ආසනයන් වෙන් කිරීම සිදුකළ හැක්කේ එක් විශේෂිත වූ ගුවන් ගමනක් සඳහා වන අතර ඒ සඳහා කරන ලද ගෙවීම වෙනත් දවසක හෝ ගමන් මාර්ගය වෙනස්කිරීමක් සඳහා මතුවට ගෙන යාමට නොහැක.
Last updated date - 01st July 2024