ගුවන්තොටුපොළේ දී අනිවාර්යෙන් කළ යුතු කාඩ්පත් පරීක්ෂාව

අන්තර්ජාලය ඔස්සේ කෙරෙන ගෙවීම් කටයුතු වල දී වඩාත් පහසු ගෙවීම් ක්‍රමය වන්නේ ණයවරපත් මගින් කෙරෙන ගෙවීම්ය. ඔබ අන්තර්ජාලය ඔස්සේ ගුවන් ප්‍රවේශ පත්‍රය වෙන්කරගනු ලබන්නේ නම් එම කාඩ්පත් හිමියා සංචරණ කණ්ඩායමේ සාමාජිකයකු වන්නා සේම, ඔහු/ඇය විසින් ප්‍රවේශපත්‍රය අන්තර්ජාලය ඔස්සේ මිළ දී ගැනීම සඳහා ඉදිරිපත් කරනු ලැබූ ණයවරපත, අදාළ ගුවන් තොටුපළවල පිරික්සුම් කවුළුවලදී ඉදිරිපත් කළ යුතුය. මෙම ක්‍රියාවලිය, "අනිවාර්ය සුවිකාර්ය පරීක්ෂාවˮ ලෙස හැඳින්වේ. මෙය සිදුකරනු ලබන්නේ ඔබගේ නිරුපද්‍රිත බව සහ ණයවරපත් වංචාවක් සිදු නොවීම සහතික කිරීම සඳහාය. එමනිසා මෙම අවශ්‍යතාව පිළිපැදීමට අපොහොසත් වන අයට ගුවන් යානයට ඇතුළුවීමේ අවස්ථාව අහිමිවනු ඇත.

එසේ වුවත් ඔබ විසින් ගෙවීම සඳහා වීසා හෝ මාස්ටර් කාඩ්පත් තෝරාගත් විට එය නිකුත් කළ සමාගම විසින් Verified by Visa හෝ ‘MasterCard® security code නම් ආරක්ෂිත කේතයන් මගින් එය බලගන්වන ලද විටෙක උක්ත වලංගු බව තහවුරු කිරීමේ ක්‍රියාවලිය අවශ්‍ය නොවනු ඇත.

ඔබ ගමනට සහභාගී නොවූවත් හිතෛෂීන් වෙනුවෙන් අන්තර්ජාලය ඔස්සේ ගුවන් ගමන් ප්‍රවේශපත්‍ර මිළදී ගැනීමට ද ශ්‍රීලංකන් ගුවන්සේවාව මගින් අවස්ථාව සලසා දී ඇත. එවන් විටෙක දී ඔබගේ අව්‍යාජ බව ඔප්පු කිරීමේ ගුවන් සමාගම් ක්‍රියාවලිය පහතින් පැහැදිළි කර ඇත.

අන්තර්ජාලය භාවිතා කරමින් ඔබගේ ආදරණීය හිතෛෂීන් වෙනුවෙන් ප්‍රවේශපත්‍ර වෙන්කරනු ලබන්නේ නම්, කරුණාකර පහත දැක්වෙන උපදෙස් අනුගමනය කරන්න.

වලංගු බව ඔප්පු කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කිරීම සඳහා ගුවන් ගමන පිටත්වීමට පැය 24කට පෙර, කාඩ්පත් හිමියා පහත දැක්වෙන ලියකියවිලි සමග, ඕනෑම ශ්‍රීලංකන් ගුවන්සේවා කාර්යාලයක් වෙත කාර්යාල වේලාවන් තුළ දී පමණක් පෞද්ගලිකවම පෙනී සිටිය යුතුය.

  • ගනුදෙනුව සඳහා භාවිතා කළ කාඩ්පත්
  • ගමන් බලපත්‍රයේ මුල් පිටපත සහ ඡායා පිටපත (අත්සන ඇති පිටුව) හෝ කාඩ්පත් හිමියාගේ ජාතික හැඳුනුම්පත
  • ගුවන්මගීන්ගේ ගමන්බලපත්‍රවල ඡායා පිටපත්
  • සම්පූර්ණ කරන ලද මුදාහැරීමේ සහ හානිපූරණය කිරීමේ ආකෘතිපත්‍රය( Release and Indemnity Form). ශ්‍රීලංකන් ගුවන්සේවා කාර්යමණ්ඩලය ඉදිරියේ හෝ නම් කරන ලද ගුවන්සමාගම් නිළධාරියකු ඉදිරියේ දී පමණක් එම ආකෘතිපත්‍රය අත්සන් කරන මෙන් කාඩ්පත් හිමියන්ට උපදෙස් දෙනු ලැබේ.

ලියකියැවිලිවල වලංගුභාවය අනුමත කරනු ලැබීමෙන් පසු, කාඩ්පත්හිමියා නොමැතිව සංචරණය සිදු කළ හැකි වන අයුරින් ගුවන් සමාගම මගින් ඔබගේ වෙන් කරගනු ලැබීම යාවත්කාලීන කරනු ලැබේ.

එසේ නැතහොත් එයට විකල්පයක් ‍ලෙසින් කාඩ්පත්හිමියාට මගීන් පිටත් වීමට පැය 3 කට පෙර ගුවන්තොටුපොළ පිරික්සුම් කිරීමේ කවුළුවක් වෙත ගොස් අවශ්‍ය ලියකියැවිලි ඉදිරිපත් කිරීමෙන් වලංගුභාවය ඔප්පුකිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කළ හැක.

නියමිත කාලය තුළ දී උක්ත ක්‍රියාවලිය සම්පූර්ණ නොකරන ලද විටෙක දී පිළිගැනීම නිෂ්ප්‍රභ කර යානයට ප්‍රවේශ වීම අහිමි කිරීමට ශ්‍රීලංකන් ගුවන්සේවයට අයිතිය හිමි වන අතර, එවැනි යානයට ඇතුළුවීම අහිමි කරනු ලැබූ විටක දී සෘජුව හෝ වක්‍රව සිදුවන කිසිම හානියක් සම්බන්ධව ශ්‍රීලංකන් ගුවන්සේවාව වගකියනු නොලැබේ.

*නියමයන් සහ කොන්දේසි අදාළ වේ.



Close

flysmiles


More about FlySmiles