තීරු බදු රහිත පෙර ගෙවුම් පහසුකම- භාවිතා කිරීමේ නියමයන්
ශ්‍රීලංකන් එයාර්ලයින්ස් තීරු බදු රහිත පෙර විකිණුම් ඇණවුම් පහසුකම වෙත පිවිසි ඔබව සාදරයෙන් පිලිගනිමු.
පහත දැක්වෙන නියමයන් සහ කොන්දේසි සැලකිලිමත්ව පිරික්සන්න. ශ්‍රීලංකන් එයාර්ලයින්ස් තීරු බදු පෙර ඇණවුම් පහසුකම (මෙහි මින් මතු පහසුකම ලෙස සඳහන් කෙරෙන) වෙත ප්‍රවේශ වීම සහ භාවිතා කිරීම මගින් අපගේ නෛතික දැනුම්දීම සහ පහත දැක්වෙන භාවිතා කිරීමේ නියමයන්ට එකඟවීමට ඔබ බැඳෙනු ඇත.
නියමයන් සංශෝධනය වීම
ශ්‍රීලංකන් එයාර්ලයින්ස් සීමාසහිත සමාගම (මෙහි මින් මතු ශ්‍රීලංකන් එයාර්ලයින්ස් ලෙස සඳහන් කරන) මගින් මෙම පහසුකම හා භාවිතා කිරීමේ නියම යටතේ විස්තර කරනු ලබන නිෂ්පාදිතයන්,සේවාවන් සහ මිල ගණන් සඳහා පූර්ව දැනුම් දීමකින් තොරව ප්‍රමිතිය ඉහළ නැංවීම,වෙනස්කම්වලට බඳුන් කිරීම හෝ නවතා දැමීම සිදුකෙරෙනු ඇත.එම සෑම වෙනස්විමක්ම මෙම වෙබ් අඩවිය සහ පහසුකම යටතේ නැවත ස්ථාපනය කෙරෙනු ඇත.. එවැනි වෙනස්කම්වලින් පසු තවදුරටත් මෙම වෙබ් අඩවිය සහ පහසුකම භාවිතය මගින් එම වෙනස්කම් සඳහා වූ ඔබගේ අනුමැතිය සංස්ථාපනය වනු ඇත.
වගකීමෙන් මිදීමේ ප්‍රකාශය සහ වගකීමේ සීමා
මෙම වෙබ් අඩවිය සහ පහසුකම ශ්‍රීලංකන් එයාර්ලයින්ස් විසින් සම්පාදනය කර ඇත්තේ සද්භාවයෙනි. මෙහි අඩංගු තොරතුරු වල පූර්ණතාව සහ නිර්වද්‍යතාව ප්‍රකාශ කරන හෝ අඟවන, මෙම තොරතුරු බාධාවකින් තොරව හෝ දෝෂයන්ගෙන් වියුක්ත වන බව හෝ මෙම තොරතුරු බග්ස් ,වෛරස්, වෝර්ම්ස්,ට්‍රෝජන් හෝස්වලින් හෝ අනතුරුදායක සංරචක වලින් තොරව පවතින බව හෝ සේවා සහ නිෂ්පාදන ඒවායින් තොර බවට කිසිම ආකාරයක නියෝජනයක් හෝ ලිඛිත පොරොන්දුවක් කර නොමැත.
මෙම වෙබ් අඩවිය සහ පහසුකම තෙවන පාර්ශවයන් විසින් මෙහෙයවන වෙබ් අඩවියන් හා සමග සබැඳියාවක් ඇත.එම සබැඳියාවන් ඔබගේ දැනගැනීම පිණිස පමණක් සපයන ලබනු අතර එම වෙබ් අඩවි භාවිතා කිරීමේදී ඒවායේ සඳහන් නියමයන් සහ කොන්දේසිවලට ඔබ යටත් වනු ඇත. ශ්‍රීලංකන් එයාර්ලයින්ස් වෙනත් වෙබ් අඩවියන්ට ඇති සබඳතාවයන් ඇතුළත් කිරිම මගින් එවන් වෙබ් අඩවි වල අඩංගු කරුණු ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස් විසින් අනුමත කරනු ලැබීමක් හෝ ඒ පිළිබද වගකීම දැරීමක් නොඇඟවේ.
මෙම වෙබ් අඩවිය හෝ පහසුකම හෝ එහි ඇති තොරතුරුවලට ප්‍රවේශ වීමේදී ඇතිවන ප්‍රමාදය හෝ නොහැකියාව,මෙම වෙබ් අඩවිය හෝ පහසුකම සබඳතාවයන් මගින් අන්තර්ජාලය ඔස්සේ වෙබ් සබඳතාවයන් හරහා වෙනත් විෂය කරුණු වෙත ප්‍රවේශ වීම හෝ ඵලදායීව නිෂ්පාදිතයන් සහ සේවාවන් ලබාගැනීමේ නොහැකියාව හෝ නොලැබෙන අවස්ථාවලදී වෙබ් අඩවිය සහ පහසුකම භාවිතා කිරීම මගින් සෘජුව,වක්‍රව හෝ ආනුෂංගීයව ඇතිවිය හැකි කුමන ආකාරයක හානියක් හෝ අහිමිවිමක් සම්බන්ධයෙන් ශ්‍රීලංකන් එයාර්ලයින්ස් වග නොකියන බවට මෙම වෙබ් අඩවිය සහ පහසුකමට පිවිසෙන විට ඔබ එකඟ වනු ලැබේ.
නියෝජනය සහ පොරොන්දු සහතිකයන්
නීතියෙන් ආවරණය වන උපරිමයට යටත්ව, මෙම පහසුකම මගින් සැපයෙන තොරතුරු, නිෂ්පාදන සහ සේවා සම්බන්ධව ඇඟවෙන සියලු පොරොන්දු සහතික පිළිබඳ වගකීමෙන් ශ්‍රීලංකන් එයාර්ලයින්ස් මිදෙනු ඇත. එවැනි සෑම තොරතුරක්, නිෂ්පාදනයක් සහ සේවාවක්ම සපයනු ලබන්නේ පවතින අයුරින් සහ ලබාගත හැකි අයුරින් මිස පොරොන්දු සහතිකයකට යටත් නොවන අයුරින්ය.මෙම වගකීමෙන් මිදීම, කිසියම් නිෂ්පාදනයක් සඳහා නිෂ්පාදක විසින් පිරිනමනු ලබන පොරොන්දු සහතිකයට අදාළ නොවන අතර නිෂ්පාදක විසින් වගකීමේ සහතිකයක් සමග නිකුත් කරනු ලබන ඔබ මිලදී ගනු ලබන ඕනෑම භාණ්ඩ ඒකකයක් සඳහා සෘජුවම ඔබට හිමිකම් ඉදිරිපත් කළ හැක.
බැහැර කිරීමට නොහැකි ලෙස,හැඟවෙන ඕනෑම කොන්දේසියක් කඩකිරිම සඳහා ශ්‍රීලංකන් එයාර්ලයින්ස්හි වගකීම වන්නේ මෙම පහසුකම ඔස්සේ අප විසින් සැපයීම සඳහා පිලිගන්වන සේවා සහ නිෂ්පාදිතයන් සීමිත බැවින් සැපයීමට ඇති නොහැකියාව ඔබට දැනුම්දීම සහ ශ්‍රීලංකන් එයාර්ලයින්ස්හි තනි කැමත්ත මත
- එම භාණ්ඩයන් ප්‍රතිස්ථාපනය කිරීම හෝ
- එම භාණ්ඩ සහ සේවාවන් සඳහා ගෙවා ඇති මුළු මුදල ඔබට ප්‍රතිපූරණය කිරීමයි.
හානිපූරණය
හානි පූරණයට එකඟ වීම තුළින් වෙබ් අඩවිය හෝ පහසුකම භාවිතයෙන් හෝ මෙම පහසුකම ඔස්සේ නිෂ්පාදන හා සේවා මිළදී ගැනීම් පදනම් වන කිසිම හිමිකමක් සඳහා ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් වග නොකියන බවටත් , ශ්‍රීලංකන් එයාර්ලයින්ස් වෙත නඩු නොපැවරවීමට සහතික වන බවටත් ඔබ ප්‍රතිඥා දෙනු ලබන්නේය.
ඔබගේ භාවිතයට සීමාවන්
ශ්‍රීලංකන් එයාර්ලයින්ස් මෙම පහසුකම සපයන්නේ ඒකාන්ත වශයෙන්ම ඔබට මෙම වෙබ් අඩවියෙන් ලබා ගත හැකි භාණ්ඩ සහ සේවාවන් නිශ්චය කර ශ්‍රීලංකන් එයාර්ලයින්ස් සමග ව්‍යාපාරික ගනුදෙනු කිරීමට මිස අන් කවර හේතුවකටවත් නොවේ. මෙම පහසුකම් වාණිජ නොවන පෞද්ගලික භාවිතයට පමණි. මේවා ඔබ සඳහා මෙන්ම නෛතිකව සහ මෙම නියමයන් සහ කොන්දේසි යටතේ ක්‍රියාකිරීමට ඔබට බලය ලබාදී ඇති පුද්ගලයකු සඳහා මිලදී ගැනීම් සඳහා පමණක් භාවිතා කළ හැක.
වෙනත් කොන්දේසි
එසේම, මෙම වෙබ් අඩවිය හා පහසුකම නිෂ්පාදන සහ ද්‍රව්‍ය සඳහා බලපාන නියමයන් සහ කොන්දේසි වලට යටත් වන අතර ඒ පිළිබඳව විස්තර ශ්‍රීලංකන් එයාර්ලයින්ස් වෙතින් හෝ අදාළ නිෂ්පාදකයින් හෝ බෙදාහරින්නන් වෙතින් ලබා ගත හැක.
ප්‍රතිරූපණ අයිතිය සහ වෙළඳ ලකුණු
ශ්‍රිලංකන් එයාර්ලයින්ස් වෙළඳ ලකුණු,සේවා ලකුණු සහ සන්නාමයන්, මෙම සේවාවෙන් පිරිනමන නිෂ්පාදිතයන් හෝ සේවාවන්හි ඇති වෙළඳ ලකුණු,සේවා ලකුණු සහ වෙළඳ නාම සන්නාමයන් ඇතුළු මෙම වෙබ් අඩවියේ සහ පහසුකම ඇති ද්‍රව්‍යයන්ගේ ප්‍රතිරූපණ අයිතිය ශ්‍රීලංකන් එයාර්ලයින්ස් හෝ එහි බලපත්‍රදායකයා හෝ නිෂ්පාදන අයිතිකරුවන් සතු වෙයි. මෙම වෙබ් අඩවියේ සහ පහසුකම තුළ පෙන්නුම් කරන ප්‍රතිරූපයන් ,වෙළඳ ලකුණු,සේවා ලකුණු වෙළඳ නාම සන්නාමයන්,වෙළඳ නාමයන්,වෙළඳ ඇඳුම ,ලාංඡනයන් එහි ප්‍රතිරූපණ අයිතිය,වෙළඳ ලකුණ සහ වෙනත් බුද්ධිමය දේපළ නීති මගින් ආරක්ෂිත කර ඇති අතර නිසි අයිතිකරුවන්ගෙන් ලබාගත් ලිඛිත අවසරයකින් තොරව ඒවා නැවත නිෂ්පාදනය කිරීම,අනුයෝජනය කිරිම හො භාවිතා නොකළ යුතුය.එම දුව්‍යයන් ඔබ විසින් වාණිජමය නොවන ඔබගේ පුද්ගලික අවශ්‍යතාවයන් සඳහා යොදාගත හැකිය.
මිල ප්‍රතිපත්තිය
මෙම පහසුකමේ ඇති සියලුම මිල ගණන් තීරු බදු රහිත සහ/හෝ බදු රහිත මිල ගණන්ය. ශ්‍රීලංකන් එයාර්ලයින්ස්, නිෂ්පාදිතයන්ගේ නිවැරදි තොරතුරු සහ මිල තොරතුරු සපයන අතර මිලෙහි හෝ මුද්‍රණයන්ගේ දෝෂයන් සිදුවිය හැකිය.කිසියම් භාණ්ඩයක මිල සාවද්‍ය ලෙස සඳහන් වී ඇතිවිට ශ්‍රීලංකන් එයාර්ලයින්ස් මගින් තම අභිමතය පරිදි උපදෙස් ලබාදීමට ඔබව ඇමතීම හෝ ඔබගේ ඇණවුම් අවලංගු කර එම අවලංගු කිරීම පිළිබඳව ඔබව දැනුවත් කිරීම කෙරෙනු ඇත.ඔබගේ අභිමතයට අනුව මෙම පහසුකම් තුළින් මිලදී ගන්නා දේවල් නිසා පනවනු ලබන ඕනෑම බද්දක්,අයබද්දක් හො දඩයක් හෝ වෙනත් අයකිරීමක් පිළිබඳ වගකීම ඔබ සතුය.
ප්‍රමාණයේ සීමාවන්
එක් පුද්ගලයෙක් එක් ඇණවුමකින් මිලදී ගන්නා ද්‍රව්‍යයන්ගේ ප්‍රමාණය සීමා කිරිමේ අයිතිය ශ්‍රීලංකන් එයාර්ලයින්ස් සතුවෙයි.
නිෂ්පාදනයන්හි සංදර්ශකය
මෙම වෙබ් අඩවියේ සහ පහසුකම තුළ සංදර්ශනය වන අපගේ සෑම නිෂ්පාදනයකම වර්ණයන් සහ පරිමාණයන් හැකිතාක් දුරට නිවැරදිව පෙන්වීම සඳහා අප සෑම උත්සායහයක්ම ගනු ඇත.කෙසේවෙතත්,සැබෑ වර්ණ,දර්ශන සහ පරිමාණයන් ඔබගේ දසුනට නිවැරදිව ග්‍රහණය වන්නේ ඔබගේ පරිගණික තිරය ක්‍රියාකාරන ආකාරය මත බැවින් ඔබගේ පරිගණික තිරයේ දිස්වන වර්ණ,දර්ශන සහ පරිමාණවල නිරවද්‍යතාවය ගැන අපට සහතික විය නොහැක.
සුදුසුකම
මෙම පහසුකම පිරිනමන්නේ ශ්‍රීලංකන් එයාර්ලයින්ස් සමග පියාසැරියේ යෙදෙන
- වයස අවුරුදු 18 ට වඩා වැඩි සහ
- ඉදිරි දිනක එවැනි සංචරණයක යෙදීම සඳහා වෙන්කරගත් ආසන වෙනුවෙන් වූ වලංගු ගුවන් ප්‍රවේශ පත්‍රයක් හිමි මගීන්ට පමණය.
ඇණවුම
තීරු බදු නිදහස් පෙර ඇණවුම් ආකෘති පත්‍රයක් යොදාගනිමින් ඔබට මෙම පහසුකම ලබාගත හැකිය.කරුණාකර එම ආකෘති පත්‍රයේ අනිවාර්යයෙන්ම ලබාදිය යුතු විස්තර සම්පූර්ණ කරන්න.ඔබෙන් වැඩිදුර තොරතුරු අවැසි වෙයි නම් අප ඔබව අමතනු ඇත.
සපයන ලද ඕනෑම තොරතුරක නිරවද්‍යබව අපගේ තනි අභිමතයට අනුව තහවුරු කිරීමේ අයිතිය අප සතු කර ඇත.
අපේක්ෂිත වේලාවට කොළඹින් පිටත්වන ගුවන් ගමන් සඳහා කොළඔ සිට ඕනෑම ගමනාන්තයකට සංචරණය කිරීමට පැය 72 කට පෙර තීරු බදු නිදහස් පෙර ඇණවුම ඉදිරිපත් කළ හැකිය.
ගාස්තු ගෙවීම
මෙම පහසුකම ඔස්සේ ඔබගේ ඇණවුම් සඳහා ඔබ ගෙවිය යුතු ගාස්තුව ගැන පිලිතුරු විද්‍යුත් ලිපියක් මගින් අප විසින් දැනුම් දෙන අතර එම ගාස්තු අප විසින් පිලිගනු ලබන්නේ ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් ( US$)
වලිනි.මුදලින් ,ට්‍රැවලර්ස් චෙක්පත් මගින් හෝ ණය කාඩ්පත් මගින් පත් ඇමරිකානු එක්සත් ජනපද ඩොලර්වලින් හෝ වෙනත් ව්‍යවහාර මුදල් ඒකකයකින් එයට සමාන මුදලක් ඇණවුම් ආකෘතියේ නම්කර ඇති ගුවන් යානය තුළදී ඔබ විසින් ගෙවිය යුතුය.
ඔස්ට්‍රේලියානු ඩොලර්,බහරේන් ඩිනාර්,කැනේඩියානු ඩොලර්,යුරෝපීය ඉයුරෝ,හොංකොං ඩොලර් ,ජපාන යෙන්,ක්වේට් ඩිනාර්,ඔමානි රියාල්,කටාර් රියාල්,සවුදි අරාබියානු රියාල් ,සිංගප්පූරුව ඩොලර්,ස්විඩිෂ් ක්‍රෝන්,ස්විස් ප්‍රෑන්ක,එක්සත් අරාබි එමීර් ඩිරාම්,බ්‍රිතාන්‍ය පවුම් සහ එක්සත් ජනපද ඩොලර් ගුවන් යානය තුළදී පිලිගන්නා වලංගු ව්‍යවහාරික මුදල් වෙයි.
පහත් දැක්වෙන ණය පත් ගුවන් යානය තුළදී පිලිගනු ලබන්නේ මෙහි පහත දක්වා ඇති සීමාවන් තුළ පමණක්ය.
|
ණය පත් වර්ගය |
උපරිම සිමාව |
|
වීසා (ගෝල්ඩ්/ක්ලැසික්) |
US$ 175.00 |
|
මාස්ටර් (ගෝල්ඩ්/ක්ලැසික්) |
US$ 35.00 |
|
ඇමරිකන් එක්ස්ප්‍රස් |
US$ 300.00 |
බාරදීම /බාරගැනීම
ඔබගේ ඇණවුම් ආකෘති පත්‍රයේ නම්කර ඇති පරිදි ඔබ විසින් නම්කර ඇති තැනැත්තා ඉදිරියේදී යානය තුළදී ඔබ විසින් මිලදී ගත් ද්‍රව්‍යයන් බාර දෙනු ඇත.
ඔබ විසින් ඇණවුම් කර ඇති භාණ්ඩයන් බාරදීමට පෙර ඔබගේ අනන්‍යතාවය තහවුරු කිරීම මෙන්ම වෙනත් අදාළ තොරතුරු/ලේබණයන් සැපයීමට ඔබට නියම කෙරෙනු ඇත.
අවලංගු කිරීම
ඔබගේ ඇණවුම ඔබේ කැමත්තට අනුව අවලංගු කිරීමට සිදුවුවහොත් ඔබ විසින් තෝරාගත් ගුවන් ගමන පිටත්වීමට අපේක්ෂා කරන කාලයට පැය 48 ක පෙර අප වෙත දැන්විය යුතුය.
ශ්‍රීලංකන් ගුවන් සේවයට සමහර අවස්ථාවලදී ඔබගේ ඇණවුම අවලංගු කිරීමට සිදුවිය හැකිය.ඔබගේ ඇණවුම අවලංගු කිරීම හෝ බාර නොගැනීම ගැන ඔබට පෙර දැනුම්දීමක් කිරීමට අප විසින් සෑම උත්සාහයක්ම ගනු ඇත.
ආපසු ලබාදීමේ ප්‍රතිපත්තිය
මෙහි පෙන්වා ඇති අවස්ථාවලදී හැර මිලදී ගත් භාණ්ඩයන් නැවත ලබාදීමට හෝ මුදල් ආපසු ලබාදීමට හැකියාවක් නැත.