ව්‍යවහාර මුදල් සහ ණයවර පත්


ව්‍යවහාර මුදල් සහ ණයවර පත්
ගුවන්යානය තුළදී ව්‍යවහාර මුදල් වර්ග 19 ක් පිළිගැනෙයි. ඇමරිකන් ඩොලර්,ඔස්ට්‍රේලියන් ඩොලර්,බහරේන් ඩිනාර්,බ්‍රිතාන්‍ය පවුම්,කැනේඩියන් ඩොලර්,චීන යුආන්(RMB ), යුරෝපීය යූරෝ,හොංකොං ඩොලර්,ජපානයේ යෙන්,කුවේට් ඩිනාර්,මැලේසියන් රිංගිට්ස්,ඔමාන් රියාල්,කටාර් රියාල් ,සවුදි අරාබියා රියාල්,සිංගප්පූරු ඩොලර්,ස්විඩිෂ් ක්‍රෝන්,ස්විස් ෆෑන්ක්,තායි බාත් සහ එක්සත් අරාබි එමිරේට්ස් ඩිරාම් එම ව්‍යවහාර මුදල් වර්ගයන් වෙයි. විස්තර සහ නිල මුදල් පරිවර්තන අනුපාතයන් සඳහා කරුණාකර ගුවන් යානයේ මැදිරි කාර්ය මණ්ඩලය අමතන්න.


ණයවරපත් සමාගම්වල ඉල්ලීම පරිදි ආරක්ෂිත පියවරක් ලෙසින් ඔබගේ ගමන් බලපත්‍රය අපගේ මැදිරි කාර්ය මණ්ඩලය විසින් ඉල්ලා සිටිනු ඇත.එයින් ඔබට කිසියම් අපහසුතාවයක් ඇතිවන්නේ නම් ඒ පිළිබඳව ශ්‍රීලංකන් එයාර්ලයින්ස් සහ ණයවරපත් සමාගම් සිය කණගාටුව ප්‍රකාශ කරයි.ස්තූතියි

Close

flysmiles


More about FlySmiles