අප ගැන

1979 වසරේදී ආරම්භ කරන ලද ශ්‍රීලංකාවේ ජාතික ගුවන් සේවය ලෙස පිළිගැනීමට ලක්ව ඇති ශ්‍රීලංකන් එයාර්ලයින්ස් නිරුපද්‍රිත බවත්,විශ්වසනීයත්වයත් පවත්වාගනිමින් සිය ගුවන් මෙහෙයුම් නියම කරගත් පියාසර කාලයට අනුගතව සිදුකරමින් ගුවන් මගීන්ට සුවපහසුවෙන් යුත් පියාසැරියක් ලබාදෙමින් සම්මානයන් දිනාගන්නා ජාත්‍යන්තර කීර්තියට පත්ව ඇති ලොව ප්‍රමුඛ පෙළේ ගුවන් සේවයකි.

සිය ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානය වන කොළඔ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ යොදා ගනිමින් ශ්‍රීලංකන් එයාර්ලයින්ස් රටවල් 48 ක ගමනාන්තයන් 111 කට සුවපහසුවෙන් පියාසර කළ හැකි ගුවන් ගමන් සබඳතා සපයයි.

අපගේ දැක්ම

ආසියාවේ වඩාත් ප්‍රියතම ගුවන් සේවය වීම

අපගේ මෙහෙවර

ගුවන් මගින් ප්‍රවාහන කටයුතු කිරීමේ ව්‍යාපාරයේ අප නිරත වී සිටින අතර අපගේ පාරිභෝගිකයන්ට විශ්වසනීය සහ ප්‍රසන්න ගුවන් ගමනක් අත්විඳීමට කටයුතු සලසන්නෙමු.අපගේ ව්‍යාපාරික හවුල්කරුවන්ට නවෝත්පාදනයන්,වෘත්තිමය ප්‍රවීණයන් සහ අනොන්‍ය වශයෙන් ලාභ උපයන සේවාවන් සපයන්නෙමු.ශ්‍රීලංකාවට ලාභදායී වන අයුරින් අලෙවි ප්‍රවර්ධන කටයුතු කරමින් සමාජයේ යහ පැවත්ම උදෙසා දායකත්වය ලබාදීමේ කොටස්කරුවන්ගේ අපේක්ෂාවන් ඉටුකිරීමට බැඳී සිටිමු. අපි කාර්යක්ෂම‍,පූර්ව අපේක්ෂණයෙන් යුතුව අනලස්ව කටයුතු කරන කණ්ඩායමකි. අපගේ දායකත්වය පිළිගැනීමට ලක්වෙමින් සම්මානයට පාත්‍ර වෙමින් පවතියි.

අධ්‍යක්ෂ මණ්ඩලය
Mr. A. K. D. D. Dimal Arandara – Acting Chairman cum Treasury Representative
Flt/Lt (Retd) Mr. Sugath Rajapakse – Director
Mr. Vipula Gunatilleka – Director
Dr. Harsha Cabral PC – Director
Mr. Dumith Fernando – Director
Mr. Senarath D. Liyanage – Director

Last updated date – 01st April 2026



Close

flysmiles


More about FlySmiles