| ගමන් මැදිරිය | උපරිම බර | පරිමාණය |
|---|---|---|
| ව්‍යාපාරික පන්තිය | කිලෝග්‍රෑම් 40 | සෙමී 158/ අඟල් 62 |
| පිරිමැසුම්දායී පන්තිය | කිලෝග්‍රෑම් 30 | සෙමී 158/ අඟල් 62 |
| ළදරුවා-සියලුම පන්තිවල | කිලෝග්‍රෑම් 10 | සෙමී 115/ අඟල් 45 |
පරිමාණය = දිග + පළල + උස
සටහන : විශේෂිත කාලසීමාවන්,ගමන් මාර්ග සහ ගාස්තු වලට අනුකූලව මෙම සිමාවන් වෙනස් විය හැකිය.
| ගමන් මැදිරිය | පරිමාණය | ගමන් මලු සංඛ්‍යාව | එක් ගමන් මල්ලක් සඳහා උපරිම බර |
|---|---|---|---|
| ව්‍යාපාරික පන්තිය | සෙමී 158/ අඟල් 62 | 2 | එක් ගමන් මල්ලක් කිලෝග්‍රෑම් 32 |
| පිරිමැසුම්දායී පන්තිය | සෙමී 158/ අඟල් 62 | 2 | එක් ගමන් මල්ලක් කිලෝග්‍රෑම් 23 |
| ළදරුවා-සියලුම පන්තිවල | සෙමී 158/ අඟල් 62 | 1 | කිලෝග්‍රෑම් 23 |
Important
If your journey involves multiple airline partners, please note that baggage allowance may vary from the information provided above.
Please contact your travel agent or our ticketing/reservation agent for further advice on your baggage allowance.
For checked baggage allowances for SriLankan Airlines FlySmiLes Members and oneworld top tier members please visit our page on FlySmiLes Rewards & Benefits and the FlySmiLes member guide updated on our website.
Please note that when a piece of baggage exceeds the total dimension of 158cm (height + length + width), a charge of USD 50 per oversized bag will be charged. However, the acceptance of such oversized baggage will be subject to the type of aircraft as well. This does not apply to sporting equipment which will be handled separately
සෑම භාණ්ඩයක්ම 18"x14"x8" (සෙමී 46x36x20) පරිමාණය නොඉක්මවිය යුතුය.
| ගමන් මැදිරිය | උපරිම බර | උපරිම ගමන් මලු සංඛ්‍යාව |
|---|---|---|
| ව්‍යාපාරික පන්තිය | කිලෝග්‍රෑම් 07 | 2 |
| පිරිමැසුම්දායී පන්තිය | කිලෝග්‍රෑම් 07 | 1 |
අතේ රැගෙන යා හැකි ගමන් මලු සඳහා පනවා ඇති සිමාවන් අනුගමනය කිරීම ඔබගේ නිරුපද්‍රිතතාවයට අතිශයින් වැදගත් වන්නේ එමගින් ගුවන් මගීන්ට මෙන් සත්කාරක කාර්ය මණ්ඩලයටද සිදුවන අනතුරු අවදානම අවම කරගැනිමට හැකි වන බැවිනි.අතේ රැගෙන යන බරින් වැඩි ඕනෑම ගමන් මලුවක් ගුවන් යානයට පිවිසුම් වන දොරටුවේදී ඉවත් කර අමතර ගමන් මලු ගාස්තුවකට යටත් කෙරෙනු ඇත..
ඔබගේ ගුවන් ගමන වෙන්කර ඇත්තේ ශ්‍රීලංකන් එයාර්ලයින්ස් සමග වුවත් එම ගුවන් ගමන සඳහා මෙහෙයුම අපගේ හවුල්කාර අලෙවිකරණ ගුවන් සේවයන් අතරින් එකක් මගින් සිදුවිය හැකිය.
ඔබගේ ගුවන් ගමන හෝ ඉන් කොටසක් පමණක් එසේ හවුල්කාර අලෙවිකරණ ගුවන් සේවයක් මගින් මෙහෙයුම් සිදුකරන විටදී ගුවන් මලු සඳහා ශ්‍රීලංකන් එයාර්ලයින්ස්හි ගමන් මලුවලට ලබාදෙන දීමනාවන් අදාළ වනු ඇත. කෙසේ වෙතත් ඔබගේ ගුවන් ගමන් චාරිකාව මෙන්ම වෙනත් ගමනාන්තර ප්‍රවාහන පාර්ශවකරුවන් සමග ඇති ගිවිසුම් අනුව අදාළ ගමන් මලු දීමනාවන් වෙනස්වනු ඇත.
මෙහෙයුම් සපයනු ලබන්නේ හවුල් අලෙවිකරණ/ගමනාන්තර ප්‍රවාහන පාර්ශ්වකාර ගුවන් සේවයන් සමග නම් එවිට අතේ රැගෙන යන ගමන් මලු සඳහා අදාළ වන්නේ මෙහෙයුම් ගුවන් සේවයේ ගමන් මලු දීමනාවයි.
පෙර ගෙවීමක් කර අමතර ගමන් මලු දීමනාවට විශේෂ වට්ටමක් ලබාගනිමින් ඔබගේ කාලය, මුදල් හා ගුවන්තොටුපලේදී ඇතිවන අවහිරතා මඟ හරවා ගන්න. වැඩිදුර විස්තර සඳහා දුරකතන අංක 1979 හෝ + 94 777 77 1979 මගින් ගෝලීය ඇමතුම් මධ්‍යස්ථානය අමතන්න.එසේත් නැතිනම් අපගේ ගුවන් ප්‍රවේශ පත් කාර්යාලය හෝ ඔබගේ සංචරණ නියෝජිතයා අමතන්න.
සියලුම පන්තිවල ගුවන් ගමන් සිදුකරන ගුවන මගීන්ට ලබාදි ඇති නොමිලේ ගමන් මලු දීමනාවට අතිරේකව රැගෙන යන සෑම ගමන් මල්ලක් සඳහා අතිරේක ගාස්තුවක් ගෙවා රැගෙන යාමට සිදුවෙයි.
අතිරික්ත ගමන් මලු දීමනාව ලබාගැනීමට ගෙවීමක් කළ විට (පූර්ණ හෝ කොටසක් භාවිතා කළවිට ) එය නැවත ලබාගැනීමට නොහැක.කොන්දේසි සහ නියමයන් අදාළය.
ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් වලින් ප්‍රකාශයට පත් කර ඇති පහත සඳහන් ගාස්තු පිරික්සුම් කටයුතු සිදුවන අවස්ථාවේ පවතින අනුපාතිකයට අදාළව දේශීය මුදල් බවට පරිවර්තනය කරනු ඇත.
ඔබගේ නොමිලේ ලබා දෙන ගමන් මලු දීමනාව ඉක්මවා යන සෑම කිලෝ ග්‍රෑමයකටම ගෙවිම් කිරිම අවශ්‍ය වෙයි.
මෙම ගමනාන්තයන් ඒ වෙතින් සංචරණය කරන විට ගුවන් තොටුපළේදී ශ්‍රීලංකන් එයාර්ලයින්ස් සමග ඔබගේ ගමන් මලු පිරික්සුම් කරන විට ඒ සඳහා ස්ථාවර ගාස්තුවක් අයකෙරෙනු ඇත.
හවුල් අලෙවිකරණ/ගමනාන්තර ප්‍රවාහන පාර්ශ්වකාර ගුවන් සේවයන් සමග පිරික්සුම් කටයුතු සිදුකරන විට එම ගාස්තු වෙනස් විය හැක.
පහත දක්වා ඇති ගාස්තුවලට අමතරව සේවා ස්ථානවලදී ප්‍රවර්ධන අතිරික්ත ගමන් මලු දීමනාවන්ද ලබා දෙනු ඇත.වැඩි විස්තර සඳහා ශ්‍රීලංකන් එයාර්ලයින්ස්හි දේශීය කාර්යාලය අමතන්න.
දකුණු ආසියා උප මහද්වීපය – ඉන්දියාව,පකිස්ථානය,නේපාලය,බංගලදේශය, මාලදිවයින,
මැද පෙරදිග – බහරේන්,ඊශ්‍රායල්,ජෝර්දාන්,කුවේට්,ලෙබනන්,ඔමාන්,කටාර්,සවුදි අරාබිය,සුඩානය,එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය,
ගිණිකොන දිග ආසියාව – කාම්බෝජය ,කසකස්තානය,චිනය,හොංකොං විශේෂ පරිපාලන කලාපය ,ඉන්දුනීසියාව,මලයාසියාව,පිලිපීනය,සිංගප්පූරුව,තායිවානය,තායිලන්තය,වියට්නාමය
නිරිතදිග පැසිපික් -ඕස්ට්‍රේලියාව,නවසීලන්තය
යුරෝපය – ඔස්ට්‍රියාව,බෙල්ජියම,බල්ගේරියාව,සයිප්‍රස්,චෙක් ජනරජය,ඩෙන්මාර්ක්,එස්තෝනියා,පින්ලන්තය,ප්‍රංශය, ජර්මනිය, ග්‍රීසිය, හංගේරියාව, අයර්ලන්තය, ඉතාලිය, ලැට්වියාව, ලිතුවේනියාව, ලක්සම්බර්ග්, නෙදර්ලන්තය, නෝර්වේ, පෝලන්තය, පෘතුගාලය, රුමේනියාව, රුසියාව, ස්ලොවේනියාව, ස්පාඤ්ඤය, ස්වීඩනය, ස්විට්සර්ලන්තය, තුර්කිය, එක්සත් රාජධානිය ,සර්බියාව, මොන්ටෙනෝග්රෝ, ක්‍රොඒෂියාව
අප්‍රිකාව –දකුණු අප්‍රිකාව සහ සී ෂෙල්ස්
ඔබගේ නිදහස් ගමන් මලු දීමනාව ඉක්මවා යන සෑම ගුවන් මලුවකටම මෙන්ම කිලෝග්‍රෑමයක බර ප්‍රමාණයක් සඳහා අමතර ගෙවිම්ක් කිරිමට සිදුවෙයි.
| ගමන් මැදිරිය | කිලෝග්‍රෑම් 25 සිට 32 දක්වා වැඩිවන බර ප්‍රමාණය සඳහා ගාස්තුව | අමතර ගමන් මලුවකට ගාස්තුව | එත් ගමන් මලුවකට ගෙන යා හැකි උපරිම බර ප්‍රමාණය |
|---|---|---|---|
| ව්‍යාපාරික පන්තිය | - | ඇ.එ.ජ.ඩොලර් 250 | කිලෝග්‍රෑම් 32 |
| පිරිමැසුම්දායී පන්තිය | ඇ.එ.ජ.ඩොලර් 75 | ඇ.එ.ජ.ඩොලර් 250 | කිලෝග්‍රෑම් 32 |
*අධික බර සඳහා ගාස්තු - ඔබගේ ගමන් මලුවල බර කිලෝග්රැම් 23 සිට 32 දක්වා වැඩිකරන්න.ගාස්තු අදාළ වන්නේ ගමන් මල්ලක් සඳහාය.
අමතර ගමන් මලුවක පරිමාණය සාමාන්‍ය ගමන් මලුවක පරිමාණයට අනුකූල විය යුතුය.වැඩි විස්තර සඳහා පිරික්සුම් ගමන් මලු දීමනා වෙත යොමුවන්න
තම සංචලතා ආධාරකයන්ගේ සහය අවැසි වන ගුවන් මගීන්ට තම පිරික්සුම් සහ අතේ රැගෙන යන ගුවන් මලු දීමනාවට අමතරව එම උපකරණයන් ගාස්තු ගෙවීමකින් තොරව රැගෙන යා හැකිය. (කොන්දේසි සහිතයි)
ප්‍රමාණයෙන් විශාල සහ බරැති ගමන් ආධාරක (නිදසුන - රෝද පුටු) පිරික්සුම් ගමන් මලු ලෙස රැගෙන යාමට සිදුවිය හැකිය.ගුවන් තොටුපළේ/තොටුපළවලදී ඒ සඳහා අවශ්‍ය විශේෂ කටයුතු සංවිධානය කිරීම සහතික කිරීම සඳහා ඔබගේ ආසන වෙන්කරන අවස්ථාවේදී ඒ පිළිබඳව අප වෙත දැනුම් දිමට කාරුණික වන්න.
ගුවන් යානය පියාසැරියේ යෙදෙන විට සහ ගුවන් යානයේ චන්ද්‍රිකා සන්නිවේදන පහසුකම් ඇතිවිට ජංගම දුරකතනයන් භාවිතා කිරීමට අවසර ඇත.
අවදානම් පියාසර කලාපයන් ඔස්සේ පියාසැරියේ යෙදෙන විට එමගින් ගුවන් යානාවේ ගගන තරණ මෙවලම්වලට බාධා පැමිණිය හැකි බැවින් මතු සඳහන් කළ අවස්ථා දෙකේදීම ජංගම දුරකතන භාවිතය සීමාකිරීමට සිදුවනු ඇත.
ශ්‍රීලංකන් එයාර්ලයින්ස්හි ගුවන් මගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ නිරුපද්‍රිතබව සහතික කිරීම සඳහා ලිතියම් බැටරිවලින් බලාත්මක කරන කුඩා වාහන (Air wheels, Solo wheels, Hover boards, Mini segways, Balance wheels) ශ්‍රීලංකන් එයාර්ලයින්ස්හි පිරික්සුම් සහ/හෝ අතේ රැගෙන යන ගමන් මලුවල ගෙන යාම සපුරා තහනම් කර ඇති අතර ඒවා මගින් නිරුපද්‍රිතතාවයට තර්ජනයක් වීමට ඇති ඉඩ ඇති බැවින් අන්තරායකර භාණ්ඩ ගණයට එක්කර ඇත.
ගුවන් මගීන් එවන් භාණ්ඩයන් රැගෙන යෑමට අදහස් කරන්නේ නම් කරුණාකර ශ්‍රීලංකන් එයාර්ලයින්ස් අන්තරායකර භාණ්ඩ ඒකකය අමතන්න
දුරකතනය - +94 19733 2455
ජංගම දුරකතනය - +94 71021 2455
විද්‍යුත් තැපෑල : cargodg@srilankan.com
අප විසින් විශාල ප්‍රමාණයේ ගමන් මලු (සංගීත භාණ්ඩයන් ,රාජ්‍යතාන්ත්‍රික ලිපි සහ වෙනත් දෑ )මගී ආසන වල රැගෙන යාම සඳහා බාරගනු ලබයි.ආසන ගමන් මලු ,ආසන මත රැගෙන යාම සඳහා අවසර ලබාදෙන උපරිම බර වන්නේ කිලෝග්‍රෑම් 75 කි.
විශාල ප්‍රමාණයේ ගමන් මලු රැගෙන යාම සඳහා කිලෝග්‍රෑම් 75ක් ක් ලබාදීම කිසිලෙසකින් වත් තවත් අමතර නිදහස් ගමන් මලු දීමනාවක් ලබාදීම සඳහා හිමිකමක් නොවන බව සලකන්න.
අනුමත ගාස්තු සහ ප්‍රවාහන කොන්දේසි සඳහා කරුණාකර ඔබගේ ගුවන් ප්‍රවේශ පත් නියෝජිතයා අමතන්න.
ප්‍රතිපත්තිය සහ අයකිරීම්
උතුරු/මධ්‍යම සහ දකුණු ඇමරිකානු නොවන ගමනාන්තයන් සඳහා බර ප්‍රමාණ ක්‍රමවේදය අදාළ වෙයි.
උතුරු/මධ්‍යම සහ දකුණු ඇමරිකානු ගමනාන්තයන් සඳහා ගමන් මලු සංඛ්‍යා ක්‍රමවේදය අදාළ වෙයි.
| භාණ්ඩය | අනුමත බර සහ ගාස්තු | අනුමත මලු ගණන සහ ගාස්තු | සටහන් |
|---|---|---|---|
| ගොල්ෆ් උපකරණ | උපරිම බර කිලෝග්‍රෑම් 15 කි. කිලෝග්‍රෑම් 15 ක් වෙනුවට කිලෝග්‍රෑම් 06 ක් සඳහා ගාස්තු අය කෙරෙනු ඇත.බර ප්‍රමාණය කිලෝග්‍රෑම් 15 ට වඩා වැඩි වුවහොත් මුළු බර ප්‍රමාණයටම ගාස්තු අය කෙරෙනු ඇත. | එක් උපකරණ කට්ටලයක් ඇමරිකානු ඩොලර් 250 කි.උපරිම බර කිලෝග්‍රෑම් 32 කි | එක් උපකරණ කට්ටලයක් නිදහස් ගමන් මලු දීමනාවට ඇතුළත් කළ හැක. එක් උපකරණ කට්ටලයකට වඩා රැගෙන යන විට අමතර කට්ටලය සඳහා අතිරික්ත ගමන් මලු වලට අදාළ වන සාමාන්‍ය ගාස්තු අය කෙරෙනු ඇත. |
| හිම මත ඇවිදීමට භාවිතා කරන උපකරණ | උපරිම කිලෝග්‍රෑම් 11 කි. කිලෝග්‍රෑම් 11 ක් වෙනුවට කිලෝග්‍රෑම් 03 ක් සඳහා ගාස්තු අය කෙරෙනු ඇත.බර ප්‍රමාණය කිලෝග්‍රෑම් 11 ට වඩා වැඩි වුවහොත් මුළු බර ප්‍රමාණයටම ගාස්තු අය කෙරෙනු ඇත. | එක් උපකරණ කට්ටලයක් ඇමරිකානු ඩොලර් 250 කි. උපරිම බර කිලෝග්‍රෑම් 32 කි | එක් උපකරණ කට්ටලයක් නිදහස් ගමන් මලු දීමනාවට ඇතුළත් කළ හැක. එක් උපකරණ කට්ටලයකට වඩා රැගෙන යන විට අමතර කට්ටලය සඳහා අතිරික්ත ගමන් මලු වලට අදාළ වන සාමාන්‍ය ගාස්තු අය කෙරෙනු ඇත. |
| කිමිදුම් උපකරණ | නිදහස් ගමන් මලු දීමනාව ඉක්මවා යන අන්දමින් බර වැඩිවීමක් සිදුවුවහොත් වැඩිවන සෑම බර ප්‍රමාණයක් සඳහාම අදාළ අතිරික්ත ගමන් මලු ගාස්තු අය කෙරෙනු ඇත. | එක් උපකරණ කට්ටලයක් ඇමරිකානු ඩොලර් 250 කි. උපරිම බර කිලෝග්‍රෑම් 32 කි | එක් උපකරණ කට්ටලයක් නිදහස් ගමන් මලු දීමනාවට ඇතුළත් කළ හැක. එක් උපකරණ කට්ටලයකට වඩා රැගෙන යන විට අමතර කට්ටලය සඳහා අතිරික්ත ගමන් මලු වලට අදාළ වන සාමාන්‍ය ගාස්තු අය කෙරෙනු ඇත. සටහන :කිමිදුම් උපකරණ කට්ටයලයට කිමිදුම් ඇඳුම,පයෙහි ලාගන්නා අවල්පත,මේස්,සපත්තු,වාතය සපයන උපකරණය,විදුලි බල්බය සහිත ලාම්පුව,ඔක්සිජන් ටැංකිය (වායුවෙන් තොර )පාලකය සහ සම්බන්ධතාව ඉවත් කළ බැටරි ඇතුළත්ය. |
| රළ පහරේ ලිස්සා යෑම / ලිස්සා යෑමේ පුවරුව | නිදහස් ගමන් මලු දීමනාව ඉක්මවා යන අන්දමින් බර වැඩිවීමක් සිදුවුවහොත් වැඩිවන සෑම බර පුමාණයක් සඳහාම අදාළ අතිරික්ත ගමන් මලු ගාස්තු අය කරනු ඇත. | එක් උපකරණ කට්ටලයක් ඇමරිකානු ඩොලර් 250 කි. උපරිම බර කිලෝග්‍රෑම් 32 කි | මෙයින් ඕනෑම උපාංගයක් නිදහස් ගමන් මලු දීමනාවට ඇතුළත් කළ හැකිය. එක් උපකරණ කට්ටලයකට වඩා රැගෙන යන විට අමතර කට්ටලය සඳහා අතිරික්ත ගමන් මලුවලට අදාළ වන සාමාන ගාස්තු අය කෙරෙනු ඇත. සටහන: රළ පහරේ ලිස්සා යෑමේ කට්ටලයකට පුවරුවක්,රුවල සහ , කුඹ ගසක් අයත්ය |
| බයිසිකල් | නිදහස් ගමන් මලු දීමනාව ඉක්මවා යන අන්දමින් බර වැඩිවීමක් සිදුවුවහොත් වැඩිවන සෑම බර ප්‍රමාණයක් සඳහාම අදාළ අතිරික්ත ගමන් මලු ගාස්තු අය කරනු ඇත. | එක් උපකරණ කට්ටලයක් ඇමරිකානු ඩොලර් 250 කි. උපරිම බර කිලෝග්‍රෑම් 32 කි. | නිදහස් ගමන් මලු දීමනාවක් සඳහා එක් බයිසිකලයක් ඇතුළත් කළ හැකිය.
එක් බයිසිකලයකට වඩා රැගෙන යන විට අමතර බයිසිකලය/බයිසිකල් සඳහා අතිරික්ත ගමන් මලුවලට අදාළ වන සාමාන්‍ය ගාස්තු අය කෙරෙනු ඇත
ගුවන් යානයේ රැගෙන යාම සඳහා බාරගැනීමට නම් පහත සඳහන් කරුණු සපුරා ලිය යුතුය.
|
පූසන්, බල්ලන්, කුරුල්ලන්, හාවන් සහ විසිතුරු මසුන් වැනි ගෘහස්ත සතුන් පිරික්සුම් කරන ලද ගමන් මලු ලෙස රැගෙන යාමට බාරගනු ලැබෙයි.අසාමාන්‍ය ප්‍රමාණයන්ගෙන් මෙන්ම ස්වභාවයෙන්ද යුක්ත වඳුරන්, සර්පයින් වැනි සතුන් මෙලෙස පිරික්සුම් ගමන් මලු ලෙස රැගෙන යා නොහැකිය. ඔවුන් රැගෙන යා හැක්කේ ශ්‍රීලංකන් ගුවන් භාණ්ඩ අංශයේ ක්‍රියාවලීන් අනුගමනය කිරීමෙනි. සීමාවන් සහ නියමයන් අදාළ වෙයි
ශ්‍රීලංකන් එයාර්ලයින්ස්හි සමහර ගුවන් යානයන්හි ඇති ගුවන් භාණ්ඩ රඳවනය තුළ සුරතල් සතුන් ප්‍රවාහනය කිරීමේ පහසුකම් නොමැත්තේ උද්ගත විය හැකි උණුසුම්කාරී තත්වය හේතුවෙනි. එබැවින් සුරතල් සතෙකු සමග සංචරණයේ යෙදෙන්නේ නම් ගුවන් යානයේ ගුවන් භාණ්ඩ රඳවනය තුළ සුරතල් සතුන් රැගෙන යාම සඳහා පහසුකම ඇති ගුවන් යානයක පමණක් ඉඩ වෙන්කර ගැනීමට ඔබගේ ගුවන් ප්‍රවේශ පත් නියෝජිතයා දැනුවත් කරන්න. ඔබ සංචාරය කරන දිනයේදී සුරතල් සතුන් රැගෙන යාමේ පහසුකම සහිත ගුවන් යානා සැපයීමට අපට නොහැකිවීම නිසා ඔබගේ ඉල්ලීම ඉටුකිරීමට අප අපොහොසත් වීමේ ඉඩකඩ පවතින බවද සළකන්න.
පිරික්සුම් ගමන් මලු ලෙසින් රැගෙන යන සුරතල් සතුන් සඳහා සාමාන්‍ය අමතර ගමන් මලු ගාස්තු අය කරන්නේ සුරතල් සතා ,රඳවනය (කූඩුව) සහ ඒ සමග ගෙන යන ආහාර දුව්‍ය සඳහා වන අතර එය නිදහස් ගමන් මලු දීමනාවට අයත් වන්නේ නැත.
සෑම ගමනාන්තයක්ම සහ මාරුවීම් ගුවන් තොටුපළකම ඇති රේගු සහ වෙනත් රාජ්‍ය අවශ්‍යතාවයන්ට අනූකූලව කටයුතු කිරීම ගුවන් මගියාගේ සම්පුර්ණ වගකීම වෙයි.වලංගු එන්නත් සහතිකයන්,ආනයන/අපනයන/මාරුවීම් ස්ථානයන් සඳහා වන බලපත්‍ර ආදින්...ආසන වෙන්කර අවස්ථාවේදී සහ ගුවන් තොටුපළ/තොටුපළවල් වලදී ඉදිරිපත් කළ යුතුය.
සුරතල් සතුන් රැගෙන ශ්‍රිලංකන් එයාර්ලයින්ස් සමග සංචරණයේ යෙදෙන ගුවන් මගීන්ට සිය අවසාන ගමනාන්තය කරා ළගාවීමට එනම් ශ්‍රීලංකන් ගුවන් ගමනාන්තයෙන් ඔබ්බට යෑම සඳහා වෙනත් ගුවන් සේවයන්ගේ සහය අවැසි නම් එම ගුවන් සේවයන්ගෙන් සුරතල් සතුන් රැගෙන යාමේ අවසරය ලබාගත යුතුය. සුරතල් සතුන් ශ්‍රිලංකන් එයාර්ලයින්ස් මෙහෙයුම් ගමනාන්තයන් කරා රැගෙන යාමේ වගකීම පමණක් ශ්‍රිලංකන් එයාර්ලයින්ස් දරනු ඇත.
ශ්‍රීලංකන් එයාර්ලයින්ස් සුරතල් සතුන් රැගෙන යන්නේ එම සතාගේ සම්පූර්ණ වගකීම ගුවන් මගියා විසින් පිළිගත් පසුවය. සුරතල්/කුරුල්ලන්ට ඇතිවන තුවාල,නැතිවීම්,ප්‍රමාද වීම් ,අසනීප තත්වයන් හෝ ජීවිත හානියන් සම්බන්ධයෙන් හෝ ගුවන් යානාවකින් තවත් ගුවන් යානාවකට මාරු විම් සිදුකරන අන්තර් ගුවන් තොටුපළකට හෝ/සහ අවසාන ගමනාන්තයට ප්‍රවේශනය ප්‍රතික්ෂේප වීම සම්බන්ධයෙන් වන කිසිදු ආකාරයක වගකීමක් ශ්‍රීලංකන් එයාර්ලයින්ස් නොදරනු ඇත.කොන්දේසි සහිත බැවින් කරුණාකර ඔබගේ ගුවන් ප්‍රවේශපත් නියෝජිතයා සමගින් සම්බන්ධ වන්න.
මෙවැනි විශේෂ අවශ්‍යතා සපයන සේවා සිවුපාවුන් (දෘශ්‍යාබාධිතයන්ට මඟ පෙන්වන/ බිහිරි අයට සහය වන සුනඛයින්) රැගෙන යා හැකි වන්නේ ඇස් පෙනීම හෝ කන් ඇසීම දුර්වල සහ ඔහු/ඇය සත්‍ය ලෙසින්ම සුනඛයාගේ සේවය මත යැපෙන්නේ නම් පමණි. එවන් සුනඛයෙක් ව්‍යාපාරික හෝ පිරිමැසුම්දායක පන්තිවල කිසිදු අමතර ගාස්තුවක් ගෙවීමකින් තොරව රැගෙන යාමට අවසර ඇත.කෙසේ වෙතත් විශේෂ අවශ්‍යතා සපයන සේවා සිවුපාවුන් රැගෙන යාම සඳහා අන්තර්ජාතික ගුවන් ප්‍රවාහන සංගමයේ පණ ඇති සිවුපාවුන් සඳහා වන නියාමයනයන් අදාළ වනු ඇත.
ගුවන් යානය පිටත් වීමට පැය 48 කට පෙර ශ්‍රීලංකන් වෙත දැනුම් දිය යුතුය.
ගුවන් යානය පිටත් වීමට පැය තුනකටවත් පෙර පිරික්සුම් කටයුතු සිදුකළ යුතුය.
විශේෂ අවශ්‍යතාවයකට සහය වන සේවාවක් සපයන සිවුපාවෙක් බවට පිළිගත හැකි වාචික සහතිකයක් සැපයීම සඳහා ගුවන් මගියා සුදානම් වී සිටිය යුතුය.
ගුවන් ගමනේදී සිවුපාවාට මුත්‍රා කිරීම්ට අවැසි නොවන බව හෝ සුනඛයාගේ මළපහ කිසියම් ආකාරයක සෞඛ්‍ය හෝ සනීපාරක්ෂක ගැටලු ඇති නොවන අන්දමින් ප්‍රමාණවත් ලෙසින් පාලනය කරගත හැකි බවටත් ගුවන් මගියා සහතික විය යුතුය.එම අවශ්‍යතාවය සඳහා ඔහු/ඇය අවශෝෂකයන් හෝ වෙනත් ද්‍රව්‍යයන් රැගෙන ආ යුතුය.
මෙවැනි විශේෂ අවශ්‍යතා සපයන සේවා සිවුපාවුන් හදිසි පිටවීම් දොරටු අසළ සහ වෙනත් මගීන්ගේ ඇවිදින පෙදෙසට අවහිර වන ලෙසින් ස්ථානගත කිරීම සිදු කළ නොහැකිය. මෙවැනි විශේෂ අවශ්‍යතා සපයන සේවා සිවුපාවුන් ගුවන් මගියා සමග වෙන්කළ අසුනේ තබාගත නොහැකිනම් හෝ කළහකාරී ස්වභාවයක් පෙන්වන්නේ නම් හෝ මගියාගේ අසුන යටින් තබාගැනීමට නොහැකි තරම් විශාල නම් හෝ වෙනත් මගියකුගේ ආසනය දෙසට යෑමෙන් වැලකී මගියාගේ දෙපා අසල තබා ගැනීමට නොහැකි නම් හෝ මගීන්ට ඇවිදීමට ඇති පෙදෙස අවහිර වන ලෙස වාඩි වී සිටී නම් හෝ සංචරණ සුනඛ කූඩුවක් (මගියා විසින් සැපයිය යුතුය) අවැසි වන අතර එය ගුවන් භාණ්ඩ රඳවනයේ ගාස්තුවකින් තොරව රැගෙන යා හැකිය. එසේම මෙම කූඩුව අන්තර්ජාතික ගුවන් ප්‍රවාහන සංගමයේ සුනඛ කූඩු සහ පරිමාණයන්ගේ අවශ්‍යතාවයනට අනුකූල විය යුතු අතර විශේෂ අවශ්‍යතා සපයන සේවා සිවුපාවුන්ගේ නිරුපද්‍රිතතාව සඳහා උණුසුම්කාරී තත්වයන්ගේ සීමාකිරීම් ගැන සහතික විය යුතුය.ගුවන් යානයේ රැගෙන යාම සඳහා අවසරය ලැබෙන්නේ විශේෂ අවශ්‍යතා සපයන එක් සේවා සිවුපාවෙකුට පමණි.සෑමවිටම සංචාරක නියෝජිතයා සමග සම්බන්ධ වී සිටින්න.
උණුසුම් තත්වයන් ඇතිවිම නිසා ශ්‍රිලංකන් එයාර්ලයින්ස් හි ඇතැම් ගුවන් යානාවන්හි ගුවන් භාණ්ඩ රඳවනයේ පණ ඇති සතුන් ගෙන යාමේ සීමාවන් ඇත. යම් හෙයකින් එම විශේෂ අවශ්‍යතාවයන් ඇති සිවුපාවුන් ගුවන් යානයේ භාණ්ඩ රඳවනයේ රැගෙනයාමට ඉඩ ඇති බැවින් අපහසුතාවයන් ඇති නොවීම සඳහා දී ඇති කාලසීමාවන්හිදී සිවුපාවුන් රැගෙන යාම වෙන්කර ගැනීම ඉතා වැදගත් වනු ඇත.
සෑම ගමනාන්තයක්ම සහ මාරුවීම් ගුවන් තොටුපළකම ඇති රේගු සහ වෙනත් රාජ්‍ය අවශ්‍යතාවයන්ට අනූකූලව කටයුතු කිරීම ගුවන් මගියාගේ සම්පුර්ණ වගකීම වෙයි.වලංගු එන්නත් සහතිකයන්,ආනයන/අපනයන/මාරුවීම් ස්ථානයන් සඳහා වන බලපත්‍ර ආදින්...ආසන වෙන්කර අවස්ථාවේදී සහ ගුවන් තොටුපළ/තොටුපළවල් වලදී ඉදිරිපත් කළ යුතුය.
විශේෂ අවශ්‍යතා සපයන සේවා සිවුපාවුන් රැගෙන ශ්‍රිලංකන් එයාර්ලයින්ස් සමග සංචරණයේ යෙදෙන ගුවන් මගීන්ට සිය අවසාන ගමනාන්තය කරා ළගාවීමට එනම් ශ්‍රීලංකන් ගුවන් ගමනාන්තයෙන් ඔබ්බට යෑම සඳහා වෙනත් ගුවන් සේවයන්ගේ සහය අවැසි නම් විශේෂ අවශ්‍යතා සපයන සේවා සිවුපාවුන් රැගෙන යාමේ අවසරය එම ගුවන් සේවයන්ගෙන් ලබාගත යුතුය. විශේෂ අවශ්‍යතා සපයන සේවා සිවුපාවුන් ශ්‍රිලංකන් එයාර්ලයින්ස් මෙහෙයුම් ගමනාන්තයන් කරා රැගෙන යාමේ වගකීම පමණක් ශ්‍රිලංකන් එයාර්ලයින්ස් දරනු ඇත.
ලිපි ලේඛන නිවැරදි අයුරින් නොමැති වීම ආදිය හේතුවෙන් ගුවන් මගියාගේ සංචරණය ඇතුළත් වන කිසියම් රටකට සුනඛයාට ඇතුළුවීමට අවසර නොලැබෙන විට ගුවන් සේවය ඒ පිළිබඳව කිසිදු වගකීමක් දරන්නේ නැත.
විශේෂ අවශ්‍යතා සපයන සේවා සිවුපාවා ගුවන් මගියා සමග ගුවන් යානය තුළ සිටින විට සිවුපාවාගේ සෞඛ්‍යය සහ සුවපහසුව පිළිබඳව ශ්‍රීලංකන් එයාර්ලයින්ස් වගකීම බාර නොගනියි.ගුවන් ගමනේදී හෝ ඉන්පසු ඇතිවන සියලුම ආකාරයේ තුවාල,අසනීප තත්වයන් හෝ/සහ ජීවිත හානියන් සම්බන්ධයෙන් වගකීම ගුවන් මගියා විසින් භාරගත යුතුය.
විශේෂ අවශ්‍යතා සපයන ඔබේ සේවා සිවුපාවා ගුවන් මැදිරිය තුළ රැගෙන යනවිටදී අපහසුතාවයන් ඇති නොවීම සඳහා පහත සඳහන් උපදේශනයන් පිළිගැනීමට කටයුතු කරන්න.
ඔබ සහ ඔබ සතු බඩුබාහිරාදිය නිරුපද්‍රිතව ප්‍රවාහනය කිරීමට අප ඉහළම ප්‍රමුඛතාවයක් ලබාදෙන්නෙමු.ගමන් මලු බාධාවන්ගෙන් තොරව ප්‍රවාහනය සඳහා කරුණාකර පහත දැක්වෙන උපදේශනයන් පිළිපදින්න.
එකම රටක ඇති දේශීය ගුවන් තොටුපළවලට ගමන් මලු අන්තර්-ප්‍රවාහනය කළ නොහැකිය.
අන්තරායකර භාණ්ඩ හෝ උපද්‍රව සහිත ද්‍රව්‍යයන් (HAZMAT) යනු ඒවායේ රසායනික හෝ භෞතික ගුණයන් හේතුවෙන් ගුවන් යානාවකට හෝ ගුවන් යානා මැදිරිය තුළ සිටින පුද්ගලයෙකුගේ නිරුපද්‍රිතතාවයට අනතුරක් කළහැකි භාණ්ඩයන්ය. එවන් භාණ්ඩයන් ප්‍රවාහනය කිරීම සීමා පනවා පාලනය කිරීම සිවිල් ගුවන් සේවා නියාමනයන් විසින් සිදුකෙරෙයි.ලිතියම් බැටරිවලින් මගින් බලගන්වන කුඩා ප්‍රමාණයේ වාහනයන් පිරික්සුම් ගමන් මලු හෝ අතේ රැගෙන යන ගමන් මලු සමග ප්‍රවාහනය කිරීමට ශ්‍රීලංකන් එයාර්ලයින්ස් සීමාවන් පනවා ඇත. පහත දැක්වෙන වගුවේ සඳහන් කර ඇති අයුරින් හැර ගුවන් මගීන්ගේ හෝ ගුවන් යානා කාර්ය මණ්ඩලයේ පිරික්සුම් ගමන් මලු තුළ (හෝ ලෙසින්) අන්තරායකර භාණ්ඩ රැගෙන නොයා යුතුය.
ඔබ සමග රැගෙන යාමට සැලසුම් කරන භාණ්ඩ ගුවනින් ප්‍රවාහනය කිරීම සඳහා ඉඩ දී ඇති බව තීරණය කරගැනීම සඳහා පහත දැක්වෙන වගුව බලන්න.
ඇත - ඉඩ දී ඇත හෝ ගුවන් සේවයේ අනුමැතිය අවශ්‍යය නැත - ඉඩ දී නොමැත
| The pilot-in-command must be informed of the location | ||||
| අතේ රැගෙන යන ගමන් මලුව තුළ ගෙන යාමේ අවසරය | ||||
| පිරික්සුම් ගමන් මලුව තුළ ගෙන යාමේ අවසරය | ||||
| මෙහෙයුම් කරුගේ අනුමැතිය අවශ්‍යය | ||||
| මද්‍යසාර පානයන් , සිල්ලරට විකිණීම සඳහා ඇසුරුම් කර ඇති මද්‍යසාර ප්‍රතිශතය 24% ට නොඅඩු එහෙත් 70 % නොවැඩි,ලීටර් 05 ක ප්‍රමාණයක් ඉක්මවා නොයන පරිදි එක් පුද්ගලයෙකුට ගෙන යාහැකි සම්පූර්ණ ශුද්ධ බර ප්‍රමාණය ලීටර් 5 කි. | NO | YES | YES | NO |
| ආරක්ෂිතව ඇසුරුම් කළ වෙඩි බෙහෙත් (ආයුධ සඳහා පතරොම්) එක් පුද්ගලයෙකු සඳහා කිලෝග්‍රෑම් 05 ක උපරිමය නොඉක්මවන පරිදි එම පුද්ගලයාගේ භාවිතය සඳහා පමණක් රැගෙන යා හැකිය. (1.4S, UN 0012 or UN 0014 වර්ගවල පතරොම් පමණි ) පුද්ගලයින් කිහිපදෙනෙකුගේ දීමනාවන් එක් ඇසුරුමකට හෝ වැඩි ගණනකට ඒකාබද්ධ නොකළ යුතුය. | YES | YES | NO | NO |
| ගිරිහිම පතනයෙන්(Avalanche ) ගැලවීම සඳහා උරයේ රැගෙන යන බෑගය - , එක් පුද්ගලයෙකුට 01 ක් බැගින් රැගෙන යා හැකි 2.2 වර්ගයේ සම්පීඩිත ගෑස් සහ පයිරොටෙක්නික් පුපුරන ද්‍රව්‍ය සහිත ගිනිගැනීම ප්‍රේරණය කරන ක්‍රියාවලියකින් යුත් මිලිගෑම් 200 කට නොවැඩි 1.4S වර්ගයේ උර මල්ල. මෙම උරමල්ල අනපේක්ෂිත අයුරින් ක්‍රියාත්මක නොවන ලෙස අසුරා තැබිය යුතු අතර බෑගය තුළ ඇති වායුමල්ලට පීඩනය පිටකළ හැකි කපාටයන් තිබිය යුතුය. | YES | YES | YES | NO |
| Baggage with installed lithium batteries non-removable batteries exceeding–0.3 g lithium metal or 2.7 Wh. | FORBIDDEN | FORBIDDEN | FORBIDDEN | FORBIDDEN |
Baggage with installed lithium batteries:
|
NO | YES | YES | NO |
| ලිතියම් ලෝහ හෝ ලිතියම් අයන කෝෂයන් හෝ බැටරිද ඇතුළත් වන අමතර සහ ඇසුරුම් ඉවත්කර ඇති බැටරි , අතේ ගෙන යාහැකි ඉලෙක්ට්‍රොනික මෙවලම් සමග භාවිතා කළ හැකි මේවා ගුවන් යානය තුළට රැගෙන යන ගමන් මල්ල සමග පමණක් ගෙන යා හැකිය.විදුලි බලය ලබාගැනීමේ අරමුණින් යුතුව රැගෙන යන භාණ්ඩ (නිදසුන් - විදුලි බලය ගබඩා කර ඇති මෙවලම්) අමතර බැටරි ලෙස සලකනු ලැබේ.පරිපථ ලුහුවත් වීම වැලක්වීම සඳහා මෙම බැටරි වෙන වෙනම ආරක්ෂිතව තැබිය යුතුය. | NO | NO | YES | NO |
| කඳවුරු බඳින ස්ථානවලදී භාවිතයට ගන්නා උදුන් සහ ගිනිගන්නා සුළු ද්‍රව ඉන්ධන ඇතුළත් ඉන්ධන, සහිත කන්ටේනර් සමග හිස් ඉන්ධන උදුනක් සහ/හෝ ඉන්ධන කන්ටේනරයක් (වැඩි විස්තර සඳහා 2.3.2.5 බලන්න) | YES | YES | NO | NO |
| රසායනික නියෝජිත නිරීක්ෂණ මෙවලම-රසායනික ආයුධ, තහනම් කිරීම සඳහා සංවිධානයකට අයත් කාර්ය මණ්ඩලය නිල රාජකාරියට යන විට (2.3.4.4 බලන්න) | YES | YES | YES | NO |
| අබලකාරක මෙවලම් පිරික්සුම් හෝ අතේ රැගෙන යන ගමන් මලුවල ගෙන යාමට තහනම් කර ඇති කෙනෙකුගේ ශරීරයේ අපහසුතාවයන් හෝ අසාමාන්‍ය තත්වයන් ඇතිකරන විසිර යන වායු අංශු ඇති රසායනික ද්‍රව්‍යයන් | FORBIDDEN | FORBIDDEN | FORBIDDEN | FORBIDDEN |
| වියළි අයිස් (ඝන කාබන් ඩයොක්සයිඩ්), කල් තබාගත නොහැකි ආහාර ද්‍රව්‍ය සමග පිරික්සුම් හෝ අතේ රැගෙන යන ගමන් මලුවල ඇසුරුම් කළ යුත්තේකාබන් ඩයොක්සයිඩ් වායුව පිටතට නිදහස් කිරිමට ඉඩ සපයමින් වන අතර එක් පුද්ගලයෙක් සඳහා එය කිලෝ 2.5 ක ප්‍රමාණය නොඉක්මවිය යුතුය.පිරික්සුම් ගමන් මලුවේ “වියළි අයිස්” හෝ “ඝන කාබන්ඩයොක්සයිඩ් ” ලෙසින් වියළි අයිස්වල ශුද්ධ බර සමගින් සටහන් කර තිබීම හෝ කිලෝ 2.5 ක් හෝ එයට අඩු වියළි අයිස් ප්‍රමාණයක් ඇති බවට සඳහනක් කර තිබිය යුතුය. | YES | YES | YES | NO |
| ඉ-සිගරැට් (ඉ-සුරුට්ටු,ඉ-පයිප්ප ,බැටරි සහිත වෙනත් පුද්ගලික දුම් උරන මෙවලම් ) අනතුරුදායක ලෙසින් ක්‍රියාත්මක විම වැලක්විම සඳහා ආරක්ෂිතව රැගෙන යාම එම පුද්ගලයන්ගේ වගකීමක් වනු ඇත. | NO | NO | YES | NO |
| විද්‍යුත් කම්පන ආයුධ (නිද. ටාසර්ස් වැනි සන්නායක සහිත විද්‍යුත් ආයුධ) -අන්තරායකර භාණ්ඩ වන පුපුරණ ද්‍රව්‍ය ,සම්පීඩිත ගෑස් , ලිතියම් බැටරි සහ වෙනත් දෑ අඩංගු මේවා පුද්ගලයෙකු විසින් හෝ පිරික්සුම් හෝ අතේ රැගෙන යන ගමන්මලු තුළ ගෙන යාම තහනම්ය. | FORBIDDEN | FORBIDDEN | FORBIDDEN | FORBIDDEN |
| ඉන්ධන කෝෂ සහ අමතර ඉන්ධන ගබඩා කෝෂය අතේ රැගෙන යාහැකි ඉලෙක්ට්‍රොනික මෙවලම් (නිදසුන් -කැමරා,සෙලියුලර් දුරකතන ලැප්ටොප් පරිගණක සහ වීඩියෝ කැමරාවක් සහ රෙකෝඩයක් සහිත මෙවලම් ) වැඩිදුර විස්තර සඳහා 2.3.5.10 බලන්න. | NO | YES | YES | NO |
| Fuel cell cartridges, spare for portable electronic devices, see 2.3.5.10 for details. | NO | YES | YES | NO |
| ගිනි නොගන්නා කුඩා ප්‍රමාණයේ ගෑස් පතරොම් ජීවිතාරක්ෂක ඇඳුම හෝ බැනියම වැනි ස්වයංක්‍රීයව හුළං පිරවෙන ආරක්ෂිත මෙවලමකට මනාව සවිකර ඇති කාබන් ඩයොක්සයිඩ් හෝ සුදුසු 2.2 වර්ගයේ ගෑස් වර්ගයක් කුඩා පතරොම් 02 ක් .එක් ගුවන් මගියෙක්ට රැගෙන යාහැක්කේ එක් මෙවලමක් සහ කුඩා ප්‍රමාණයේ අමතර පතරොම් 02 ක් පමණය.එමෙන්ම සියලු පතරොම් වර්ගයන්ගේ ගණන 04 නොඉක්මව විය යුතු අතර වෙනත් මෙවලම් සඳහා වතුර ප්‍රමාණය මි.ලීටර් 50 ක් විය යුතුය.(බලන්න 2.3.4.2) | YES | YES | YES | NO |
| යාන්ත්‍රික අත් පා චලනය කිරීම පිණිස භාවිතා වන විෂ රහිත,ගිනි නොගන්නා ගෑස් සිලින්ඩරයන් එමෙන්ම ගුවන් ගමන සඳහා ප්‍රමාණවත් වන එම ප්‍රමාණයේම අමතර සිලින්ඩරයන් | NO | YES | YES | NO |
| හයිඩ්‍රොකාබන් ගෑස් අඩංගු කොණ්ඩය කැරලි කරන උපකරණ, ගුවන් මගියෙක්ට හෝ කාර්ය මණ්ඩල සාමාජිකයෙක්ට එක් උපකරණයක් පමණක් ගෙන යා හැක්කේ තාපය ලබාදෙන කොටස නිරුපද්‍රිත ආවරණයකින් ආරක්ෂිතව ඇත්නම් පමණය.මේවා ගුවන් යානය තුළදී කිසිම වේලාවක භාවිතා නොකළ යුතුය.එවන් උපකරණයක් සඳහා නැවත ගෑස් පුරවන මෙවලමක් පිරික්සුම් හෝ අතේ රැගෙන යාහැකි ගමන් මලුවල රැගෙන යා නොහැකිය. | NO | YES | YES | NO |
| තාපය නිපදවන ද්‍රව්‍යයන් දිය යට රැගෙන යන විදුලි පන්දම ( කිමිදුම් පහන්) සහ බවුත් උපකරණ (වැඩි විස්තර සඳහා බලන්න 2.3.4.6 ) | YES | YES | YES | NO |
| ශීතකාරක ද්‍රවශීලී නයිට්රජන් ඇතුළත් තාපය පිටවීම වලක්වන ඇසුරුම් (ජලය උරාගන්නා ඇසුරුම්) ජලය සම්පූර්ණයෙන්ම අවශෝෂණය කරගන්නා ද්‍රව්‍යයන් තුළ ඇසුරුම් කර ඇති අනතුරුදායක නොවන ද්‍රව්‍යයන් පමණක් | NO | YES | YES | NO |
| අභ්‍යන්තර දහන හෝ ඉන්ධන කෝෂ එන්ජින් , A70 අවශ්‍යතා තිබිය යුතුයි වැඩි විස්තර සඳහා 2.3.5.15 බලන්න). | NO | YES | NO | NO |
| බලශක්ති කාර්යක්ෂමතා පහන් වෙළඳසැලකින් මිලදී ගත් පුද්ගලිකව හෝ නිවසේ භාවිතයට ගැනීමට හැකි පහන් | NO | YES | YES | NO |
| ලිතියම් බැටරි : ලිතියම් බැටරි අඩංගු ආරක්ෂිත මාදිලියේ උපකරණ (වැඩි විස්තර සඳහා 2.3.2.6 බලන්න) | YES | YES | NO | NO |
| ලිතියම් ලෝහ හෝ ලිතියම් අයන කෝෂයන් හෝ බැටරිද ඇතුළත් වන අතේ රැගෙන යන ලිතියම් බැටරි , අතේ ගෙන යාහැකි ඔක්සිජන් සාන්ද්‍රකයන් (POC) වැනි වෛද්‍ය උපකරණ සහ මගීන් සහ ගුවන් යානා කාර්ය මණ්ඩලය විසින් තම පුද්ගලික අවශ්‍යතාවය සඳහා රැගෙන යන කැමරා,ජංගම දුරකතන ,ලැප්ටොප් සහ බෙහෙත් පෙති (2.3.5.9 බලන්න). ලිතියම් ලෝහ බැටරි.ග්‍රෑම් 02ක් බරක්ද සහ ලිතියම් අයන බැටරි වොට් පැය 100 නොඉක්මවිය යුතුය. | NO | YES | YES | NO |
| අමතර සහ ඇසුරුම් ඉවත්කර ඇති ලිතියම් බැටරි පාරිභෝගික ඉලෙක්ට්‍රොනික මෙවලම් සහ PMED සඳහා වොට් පැය ප්‍රමාණය 100 ඉක්මවන සහ වොට් පැය 160 නොඉක්මවන හෝ PMED සඳහා පමණක් නම් ලිතියම් ප්‍රමාණය ග්‍රෑම් 02 ඉක්මවන නමුත් ග්‍රෑම් 08 නොඉක්මවිය යුතුය.අතේ රැගෙන යන ගමන් මලුවේ අමතර බැටරි 02 ක් රැගෙන යා හැකිය. පරිපථ ලුහුවත් වීම වැලක්වීම සඳහා මෙම බැටරි වෙන වෙනම ආරක්ෂිතව තැබිය යුතුය. | YES | NO | YES | NO |
| ලිතියම් බැටරිවලින් පණ ගන්වන ඉලෙක්ට්‍රොනික මෙවලම් . අතේ රැගෙන යන ඉලෙක්ට්‍රොනික මෙවලම් සඳහා (වෛද්‍ය මෙවලම්ද ඇතුළත්) වොට් පැය 100 ඉක්මවන සහ වොට් පැය 160 ක් නොඉක්මවන ලිතියම් අයන බැටරි,අතේ රැගෙන යන ඉලෙක්ට්‍රොනික් වෛද්‍ය මෙවලම් සඳහා පමණක් ග්‍රෑම් 02 ඉක්මවන සහ ග්‍රෑම් 08 නොඉක්මවන ලිතියම් ලෝහ බැටරි | YES | YES | YES | NO |
|
නිරාපද ගිනිකූරු (එක් කුඩා පෙට්ටියක් ) හෝ කුඩා සිගරැට් දල්වනය - පුද්ගලයෙක් විසින් භාවිතා කිරීම සඳහා රැගෙන යන මෙහි ද්‍රවශීලි ස්වාභාවික ඉන්ධන හැර අවශෝෂණය නොකරන ද්‍රව ඉන්ධන දෑ අඩංගු නොවිය යුතුය.පුද්ගලයෙක් විසින් හෝ පිරික්සුම් හෝ අතේ රැගෙන යන ගමන් මලුවල සිගරැට් දල්වනයන්ට අවැසි ඉන්ධන හෝ සිගරැට් දල්වනයන් නැවත පුරවන ඉන්ධන රැගෙන යා නොහැක. සටහන “Strike anywhere” ගිනිකූරු, “Blue flame” හෝ “cigar” දල්වනයන් තහනම්ය. |
NO | ON ONE’SPERSON | ON ONE’S PERSON | NO |
| සංචලතා ආධාරක :බැටරි වලින් ක්‍රියාත්මක වන රෝද පුටු හෝ ඒවාට සමාන සංචලතා මෙවලම් ආධාරක සමග රැගෙන යන කාන්දු නොවන ද්‍රව බැටරි හෝ A123 හෝ A199 විශේෂ විධිවිධානයන්ට අනුකූල වන බැටරි (බලන්න 2.3.2.2) | YES | YES | NO | YES |
| සංචලතා ආධාරක : බැටරි වලින් ක්‍රියාත්මක වන රෝද පුටු හෝ ඒවාට සමාන සංචලතා මෙවලම් ආධාරක සමග රැගෙන යන කාන්දු වන ද්‍රව බැටරි හෝ ලිතියම් බැටරි සමග (වැඩිදුර විස්තර සඳහා බලන්න 2.3.2.3 සහ 2.3.2.4) | YES | YES | NO | YES |
| සංචලතා ආධාරක : බැටරිවලින් ක්‍රියාත්මක වන ලිතියම් අයන බැටරි සමග(ඇකිළිය හැකි) ඇති සංචලතා ආධාරක. ලිතියම් අයන බැටරි ඉවත් කර ගුවන් යානා මැදිරිය තුළ රැගෙන යා යුතුය. (වැඩිදුර විස්තර සඳහා 2.3.2.4(d) බලන්න | YES | NO | YES | NO |
| විකිරණශීලී නොවන ඖෂධ හෝ සනීපාරක්ෂක ද්‍රව්‍යයන් (ඒරොසොල්ද ඇතුළු) කොණ්ඩා සඳහා ඉසින ද්‍රව්‍යයන්,සුවඳ විලවුන් ,කොලෝන් ද්‍රව්‍ය සහ මද්‍යසාර අඩංගු ඖෂධයන්:සහ | NO | YES | YES | NO |
| 2.2 වර්ගයේ ගිනි නොගන්නා ,විෂ රහිත ඒරොසොල්ස් , නිවසේ හෝ ක්‍රීඩාවේදී භාවිතා කරන විට උපද්‍රවයන් නොවන .ඉහත සඳහන් සියලුම ද්‍රව්‍යයන්ගේ ප්‍රමාණයන් කිලෝග්‍රෑම් 02 ක් හෝ ලීටර් 02ක් නොඉක්මවිය යුතු අතර සෑම ද්‍රව්‍යයකම පාහේ ශ්‍රද්ධ බර ප්‍රමාණය කිලෝග්‍රෑම් 0.5 ක් හෝ ලීටර් 0.5 ක් නොඉක්මවිය යුතුය.ඒරෝසොල්ස් හි ඇති ද්‍රව්‍යයන් අපරික්ෂාකාරී අයුරින් පිටතට නිකුත්වීම වැළක්වීම සඳහා ඒවා මුදාහරින කපාටයන් පියනකින් හෝ වෙනත් සුදුසු ක්‍රමයකට ආවරණය කළයුතුය. | NO | YES | NO | NO |
| වෛද්‍ය කටයුතු සඳහා අවශ්‍ය ඔක්සිජන් හෝ වාතය,වායුන්,සිලින්ඩර මෙම සිලින්ඩර බරින් කිලෝග්‍රෑම් 05 කට වඩා වැඩි නොවිය යුතුය. සටහන : ද්‍රව ඔක්සිජන් පද්ධති ප්‍රවාහනය කිරීම තහනම්ය. | YES | YES | YES | NO |
| පාරගම්‍ය මෙවලම් , A41 අවශ්‍යතා තිබිය යුතුය.(වැඩිදුර විස්තර සඳහා 2.3.5.16 බලන්න) | NO | YES | NO | NO |
| කාන්දු නොවන බැටරි අඩංගු වන අතේ රැගෙන යන ඉලෙක්ට්‍රොනික මෙවලම් , සඳහා යොදන බැටරිවලට A67 අවශ්‍යතාවයන් තිබිය යුතු අතර වොල්ට් 12ක් හෝ එයට අඩු වෝල්ටීයතාවයක් සහ වොට් 100 ක් හෝ එය අඩු ධාරිතාවයක් තිබිය යුතුය.රැගෙන යා හැකි උපරිම බැටරි සංඛ්‍යාව සඳහා (වැඩිදුර විස්තර සඳහා 2.3.5.13 බලන්න) | NO | YES | YES | NO |
| කාන්දු නොවන බැටරි අඩංගු වන අතේ රැගෙන යන ඉලෙක්ට්‍රොනික මෙවලම් සඳහා යොදන බැටරිවලට A67 අවශ්‍යතාවයන් තිබිය යුතු අතර වොල්ට් 12ක් හෝ එයට අඩු වෝල්ටීයතාවයක් සහ වොට් 100 ක් හෝ එය අඩු ධාරිතාවයක් තිබිය යුතුය.රැගෙන යා හැකි උපරිම බැටරි සංඛ්‍යාව සඳහා (වැඩිදුර විස්තර සඳහා 2.3.5.13 බලන්න) | NO | NO ONE’SPERSON | NO ONE’SPERSON | NO |
| කාන්දු නොවන බැටරි අඩංගු වන අතේ රැගෙන යන ඉලෙක්ට්‍රොනික මෙවලම් , සඳහා යොදන බැටරිවලට A67 අවශ්‍යතාවයන් තිබිය යුතු අතර වොල්ට් 12ක් හෝ එයට අඩු වෝල්ටීයතාවයක් සහ වොට් 100 ක් හෝ එය අඩු ධාරිතාවයක් තිබිය යුතුය.රැගෙන යා හැකි උපරිම බැටරි සංඛ්‍යාව සඳහා (වැඩිදුර විස්තර සඳහා 2.3.5.13 බලන්න) | FORBIDDEN | FORBIDDEN | FORBIDDEN | FORBIDDEN |
| ආසාදිත නොවන නියැදියන් මේවා ගිනිගන්නා ද්‍රවයන් කුඩා ප්‍රමාණයන් සමගින් ඇසුරුමි කර ඇති විට A180 අවශ්‍යතා සපුරා ලිය යුතුය.(වැඩිදුර විස්තර සඳහා 2.3.5.14 බලන්න) | NO | YES | YES | NO |
| වෛද්‍ය හෝ සායනික කටයුතු සඳහා රසදිය අඩංගු උෂ්ණත්වමානයන් , ආරක්ෂිත ආවරණයක් සහිතව පුද්ගලික භාවිතය සඳහා එක් අයෙකුට රැගෙන යා හැක්කේ එක් මානයක් පමණය. | NO | YES | YES | NO |
| රසදිය පිරි උෂ්ණත්වමාන හෝ වායු පීඩන මානයක් රජයේ කාලගුණ සම්බන්ධයෙන් කටයුතු කරන ආයතනය හෝ එයට සමාන නිල නියෝජිත ආයතනයක නියෝජිතයන් විසින් රැගෙන යන විට (වැඩිදුර විස්තර සඳහා 2.3.3.1 බලන්න). | YES | NO | YES | NO |
*Power Banks are permitted in carry- on baggage only. Passenger who travel with smart bag ( Baggage equipped with a lithium battery) must remove the battery in case the bag has to check-in as hold baggage. If the battery cannot be removed, the bag will not be allowed.
Phones, laptops and tablets larger than 16.0cm x 9.3cm x 1.5cm not allowed in the cabin on flights to the UK from Turkey, Lebanon, Egypt, Saudi Arabia, Jordan and Tunisia.
Passengers are therefore advised to check with their operated airline for further details.
Please see Foreign and Commonwealth Office’s travel advice (https://www.gov.uk/foreign-travel-advice) page and the Department for Transport (https://www.gov.uk/government/organisations/department-for-transport) for more information.
The U.S. Department of Homeland Security (DHS) has issued a security directive requiring passengers on select flights to the United States to place all electronic devices larger than a cell phone or smart phone in their checked luggage with the exception of spare batteries, medical devices and power banks.
This requirement only affects flights departing for the United States from the following 10 specific airports:
There is no impact on domestic flights in the United States or flights departing the United States. Large electronic devices will continue to be allowed in the cabin on all flights originating in the United States.
The new security directive is effective at 8:00 a.m. Eastern Daylight Time on 21 March 2017 and will be in effect indefinitely.
Please refer to the U.S. Department of Homeland Security issued Fact Sheet (https://www.dhs.gov/news/2017/03/21/fact-sheet-aviation-security-enhancements-select-last-point-departure-airports) and FAQ (https://www.dhs.gov/news/2017/03/21/qa-aviation-security-enhancements-select-last-point-departure-airports-commercial) on the new directive.
In accordance with the regulations stipulated by the International Civil Aviation Organisation (ICAO), the following LAGs (liquids, aerosols and gels) restrictions on cabin baggage apply for passengers departing from all airports in Sri Lanka and transiting through other airports.
All liquids, gels and aerosols, pastes, lotions, creams, drinks and other items of similar consistency must be in containers with a capacity no greater than 100ml. Those carried in containers larger than 100ml will not be accepted, even if the container is only part-filled.
These containers must be placed in a transparent re-sealable plastic bag of a maximum capacity not exceeding one liter (20cmx20cm). Larger bags or bags that are non-sealable, such as fold-over sandwich bags, are not allowed. Transparent re-sealable polythene bags will not be provided at the Airport
The containers must fit comfortably within the transparent plastic bag, which is to be completely closed.
The plastic bag is to be presented for visual examination at the screening point. Only one transparent plastic bag per passenger will be permitted.
Exemptions will be made for medications, baby milk / foods and special dietary requirements. Appropriate proof for verifying the nature of such items will be required and must be made available on request at the screening point.
Such plastic bags should be presented apart from other cabin baggage, coats, jackets and laptops to facilitate screening.
LAGs in any volume, purchased at Duty Free outlets at the Airport or on board the aircraft must be carried in the Security Tamper-Evident Bag (STEB) provided by the sales outlet with the purchase receipt included inside the bag. Opened, torn or tampered bags will not be permitted past the screening point.
As per Australian Government regulations, Carriage of LAGS items (liquids, aerosols and gels ) of 100ml or less and permissible number units/items, shall carried in the Tamper proof bag. Any LAGS item above 100ml even if it was purchased from the duty-free, shall not be allowed even if it is carried in the Tamper proof bag. Any such items in possession of passengers on UL direct flights to Australia will be confiscated by AASL Security.
Last updated date – 21st March 2024