අප විසින් නොමිලේ ලබාදෙන රියැදුරු සමග සුපිරි ප්‍රවාහන සේවාව වෙන්කරගැනීම

අපගේ ශ්‍රීලංකන් ගුවන් ප්‍රවේශ පත් කාර්යාලවලින් හෝ අපගේ ගෝලීය ඇමතුම් මධ්‍යස්ථානය පහත දැක්වෙන අංකයන් ඔස්සේ අමතමින් ඔබගේ වෙන්කිරීම කරගන්න.

එක්සත් රාජධානියේ සිට - 0330 808 0800 | සිංගප්පූරුවේ සිට - 315 805 80 | ජර්මනියේ සිට - 6990 732 333 | ප්‍රංශයේ සිට - 9751 81999 | හොංකොං සිට - 819 800 79 | ජපානයේ සිට – 505 532 3229 | ඉතාලියේ සිට – 0689 970 268 | මලයාසියාවේ සිට – 321 683 615 | තායිලන්තයේ සිට – 600 035 642 | ශ්‍රීලංකාවෙන් පිටත සිට - +94 11777 1979

  1. ගුවන් ගමන පිටත්වීමට පැය 30 ට පෙර ඉල්ලීම ඉදිරිපත් කළ යුත්තේ සම්පූර්ණ ලිපිනය සහ තැපැල් සංකේතය සමගය.
  2. ගුවන් ගමන පිටත්වීමට පැය 30 කාලයක් තුළ ඉල්ලීම සිදුකරන්නේ නම් , ‘reservations@srilankan.com’ වෙත ඔබගේ ගුවන් ගමන් තොරතුරු,දුරකතන අංකය සහ ගුවන් ගමනට පිටත්වන සහ ගුවන් ගමනින් පසු ළගාවන ස්ථානයන්හි ලිපිනයන් සමග විද්‍යුත් තැපෑලක් මගින් ඉල්ලීම් කළ යුතුය.කෙසේවෙතත් එවන් අවස්ථාවන්හිදී මෙම සේවාව ලබාදීම සහතික කිරීමට නොහැකි බව කරුණාකර සලකන්න.

නියමයන් සහ කොන්දේසි

  1. ශ්‍රීලංකන් එයාර්ලයින්ස් විසින් නොමිලේ ලබාදෙන රියදුරු සමග සුපිරි ප්‍රවාහන සේවාව ව්‍යාපාරික පන්තියේ මගීන්ට හීත්රෝ ගුවන් තොටුපළේ දී පිටත්වීම් සහ පැමිණීම් සඳහා පහත දැක්වෙන අයුරින් ලබාගත හැකිවෙයි.
    • BIZ SAVER - පිටත්වීමේදී සහ පැමිණීමේදී සැතපුම් 50 ක උපරිම දුරක් සඳහා
    • BIZ Value - පිටත්වීමේදී සහ පැමිණීමේදී සැතපුම් 50 ක උපරිම දුරක් සඳහා
    • BIZ PLUS - පිටත්වීමේදී සහ පැමිණීමේදී සැතපුම් 75 ක උපරිම දුරක් සඳහා
  2. මෙම සේවාව තෝරාගත් වට්ටම් සහිත ව්‍යාපාරික පන්තියේ ප්‍රවර්ධන ගාස්තු සඳහා ලබාගත නෙහැකිය.
  3. වැඩිහිටි සහ ළමා ගුවන් ප්‍රවේශ පත් සම්බන්ධයෙන් ගත් කළ වැඩිහිටියෙක් සමග සංචරණයේ යෙදෙන ළමයෙක් සදහා මෙම සේවාව පිරිනමයි.භාරකරුවකු නොමැතිව සංචරණ‍යේ යෙදෙන බාලවයස්කරුවෙක් සඳහා මෙම සේවාව ලබාගත නොහැකිය.
  4. ලිපිනය සමග තැපැල් කේතය නොමැති නම් මෙම සේවාව සපයන්නේ නැත.
  5. රියැදුරු සමග සුපිරි ප්‍රවාහන සේවය ලබාගත හැක්කේ ආසන වෙන්කිරීම තහවුරු වී ඇති සහ නිකුත් කළ ප්‍රවේශ පත්‍රයන්ටය.මෙම සේවාව ස්වේච්ඡාවෙන් තොර උත්ශ්‍රේණි කිරීම් හෝ ආසන ලබාගත හැකි පදනම මත සිදුකරන උත්ශ්‍රේණි කිරීම්වලදී ලබාගත නොහැකිය.
  6. හිමිකම ඇති නිදහස් සැතපුම් දුර ප්‍රමාණය ඉක්මවා ගොස් ඇත්නම් අමතර මුදල රියැදුරු වෙත ගෙවිය යුතුය.
  7. ආසන වෙන්කිරීම සහ රියැදුරු සමග ලබාදෙන ප්‍රවාහන සේවය අවලංගු කිරීමට ගුවන් මගීන් අසමත් වුවහොත් රියැදුරු සමග සුපිරි ප්‍රවාහන සේවය නැවත වෙන්කරවා ගැනීමට නොහැකි බව කරුණාවෙන් සලකන්න.
  8. ළදරු ආසන ,අමතර ගමන් මලු,විශේෂ අවශ්‍යතාවයන් සහ වෙනත් දෑ වැනි කිසියම් විශේෂ ඉල්ලිම් ඇත්නම් ඒවා ශ්‍රීලංකන් එයාර්ලයින්ස් වෙත කල්තියා දැනුම් දිය යුතු කරුණාවෙන් සලකන්න.
  9. අවලංගු කිරීම් සඳහා කරුණාකර reservations@srilankan.com / 0330 8080 800 හෝ ඉහත සඳහන් කර ඇති ඕනෑම අංකයක් මගින් ගෝලීය ඇමතුම් මධ්‍යස්ථානය ගුවන් ගමන පිටත්වීමට පැය 48 ක් ඇතුළතදී අමතන්න.

Close

flysmiles


More about FlySmiles