අපගේ ගුවන් යානා ඇණිය

නවීන පන්නයේ ඉහළ තාක්ෂණයකින් යුත් එයාර්බස් 21 ක් ශ්‍රීලංකන් එයාර්ලයින්ස් යානා ඇණියේ මේ වනවිට ඇත.
A330 ගුවන් යානා 13 (දිග දුර මෙහෙයුම් ගුවන් යානා)
A320/A321 ගුවන් යානා 8 (මධ්‍යම දුර මෙහෙයුම් ගුවන් යානා).

එයාර්බස් A330-300

ගුවන් මගීන්ගේ අභිමතයට අනුව සැහැල්ලුවෙන් සහ සුවපහසුවෙන් යුත් ගුවන් ගමන් ලබාදීම නවීන ලෝකයේ ප්‍රවණතාවය වී ඇත.එම ප්‍රවණතාවයට අනුගත වෙමින් ශ්‍රීලංකාවේ අනන්‍යතාවයද කදිමට මුසුකරමින් අපගේ සියලුම නවීනතම A330-300 ගුවන්යානා එම පහසුකම් දැන් ඔබ වෙත ලබාදෙයි. එම නවතාවයන් වඩාත් ඔප් නැංවීම සඳහා දිවයිනේ සත්ත්ව සහ වෘක්ෂලතාවන් මනරම් දසුන්වලින් අපගේ ගුවන් යානා මැදිරි අලංකාර කර ඇත.

ගුණාත්මක බවින් ඉහළ සුවපහසුවක් මෙන්ම සැහැල්ලුවෙන් යුත් ගුවන් ගමනක අත්දැකීම ලබාදෙන අපගේ ව්‍යාපාරික පන්තියේ ආසනයන් නිදන ඇඳක් මෙන් සකස් කිරීමට හැකිවන අයුරින් නිමකර ඇත.තවද මගින්ගේ පහසුව සඳහා ආසනවල ඉඩ ප්‍රමාණයද වැඩිකර ඇති අතර මගීන්ගේ අභිමතය අනුව විනෝදාත්මක වැඩසටහන් ඇසුරු සැණෙකින් ලබාදිය හැකි වෙයි.ආසන අතර ඇති ගමන් මඟට පහසුවෙන්ම ප්‍රවේශ වීමට ඇති හැකියාවද ඇත.එබැවින් අඩි 35,000ක උසින් පියාසර කරන විටදී වුවත් ඔබට නිවසේ සිට ලබාගන්නා සුවපහසුව අපගේ නවිනතම ව්‍යායාපාරික පන්තියේ මැදිරිවලදීද අත්විඳිය හැකිය

අපගේ සුවපහසුවෙන් යුත් පිරිමැසුම්දායී පන්තියේ මැදිරිවලදීද ප්‍රීතිමත් ගුවන් ගමනක අත්දැකීම ඔබට ලබාදෙන අතර අභිමතයට අනුව ලබාදිය හැකි නවීනතම චිත්‍රපටයන් මගින් විනෝදාස්වාදය ගෙන ඒමට කටයුතු සුදානම් කර ඇත්තේ අප කීර්තියට පත් වී ඇති සැබෑ ශ්‍රීලංකන් සත්කාරය ඔබට උපරිමයෙන් ලබාදෙමින්ය.මැදිරිය තුළදී ඔබට අවැසි අයුරින් ආලෝකය අඩු වැඩි කරගැනීමේ පහසුකම ඇති අතර අතේ රැගෙන යාහැකි ඉලෙක්ට්‍රොනික මෙවලම් සඳහා සියලුම මැදිරිවලදී විදුලි බලය සපයයි.එමෙන්ම ගුවන් ගමනෙන් වැඩි ඵලදායීබවක් ලබාගැනීම සඳහා ගමනාන්තරය පුරාවටම Wi-Fi සහ ජංගම දුරකතන සම්බන්ධතාවය ලබාගත හැකිය.අන්තර්ජාලයේ සැරිසරන්න.ඉ-තැපෑල භාවිතා කරන්න.ඔබගේ මිතුරු මිතුරියන්ට ඇමතුමක් ලබාගන්න. එසේ නොමැති නම් පණිවුඩයක් යවන්න.ඔබ ගුවන් ගමනේ යෙදී සිටින විට මේ සියලු පහසුකම් ඔබට අත්විඳිය හැකිය.

ගුවන් යානා ඇණියේ තොරතුරු


එයාර්බස් A330 - 200
ශ්‍රීලංකන් එයාර්ලයින්ස්වල දුර ගුවන් ගමන් සකස් කර ඇත්තේ ඔබ ගුවන් යානයට ගොඩවන අවස්ථාවේ සිට ඔබ නිරුපද්‍රිතව ගුවන් යානයෙන් ගොඩබසින තෙක් ලබාදිය හැකි සෑම සුවපහසුවක්ම ලබාදී ඔබව ප්‍රබෝධමත් කිරීමටය.අපගේ A330 ගුවන් යානාවල සුවපහසුවෙන් යුත් ආසනයන් ,ඔබ ප්‍රියකරන විනෝදාත්මක වැඩසටහන් සහ සංසුන් වටපිටාවන් ඇත.මෙම සුවපහසුකම් සියල්ල ප්‍රීතිමත් ගුවන් ගමනකටය.
ගුවන් යානා ඇණියේ තොරතුරු


එයාර්බස් A320/A321
මේ වනවිට ගුවන් සේවය රු A320 ගුවන් යානා 06 කින් සහ A321 ගුවන් යානා 02 කින් කුඩා සහ මධ්‍යම දුර ගමනාන්තයන් සඳහා මෙහෙයුම් සිදුකරන අතර පහසුවෙන් ඇල කිරීමට හැකිවන අයුරින් සකස්කරන ලද ආසන නිසා සැපපහසුවෙන් යුතුව ගුවන් ග‍මන්වල යෙදිය හැකිය.
ගුවන් යානා ඇණියේ තොරතුරු


Airbus A320/A321neo

Step onboard our new A320/A321neo where modernity blends with tradition. With uniquely Sri Lankan motifs adorning the cabin interiors, the all new A320/A321neo cabins are equipped with the modern comforts to provide you a blissful flight.

There will never be a dull moment onboard. With comfortable leather seats and the latest Rave REMIX entertainment system, snuggle up and wind down as you fly. The new A320/A321neo also provide you with mobile connectivity, in-seat power for portable devices and Wifi throughout the flight so that you will never lose touch while on the go.

ගුවන් යානා ඇණියේ තොරතුරු
ගුවන් යානා ඇණියේ තොරතුරු



Close

flysmiles


More about FlySmiles